***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වත්නි,
ධර්මය පුරුදුකරගන්න මහන්සිවෙන ගොඩාක් අය ආසයි සමාධිය ඇතිකරගන්න.
බොහෝ අය බණ භාවනා කරන්න මහන්සි වෙන්නේ ම සමාධියක් ඇතිකරගන්න කියල හිතල. ඉතින් ඒ අය තේරුම් ගතයුතුයි සමාධිය ඇතිකරගැනීම ම නෙවෙයි හරය වෙන්නේ කියල.
සමාධිය කියල කියන්නේ, නිවන් මග. එතකොට හරය වෙන්නේ නිවන. නිවන අවබෝධකිරීම තමයි හරය. එතකොට අපි සමාධිය උපදවාගැනීම සඳහා ම පමණක් මහන්සි වුනොත් අපිට ලොකු ගැටලු ඇතිවෙනව. අපි අනවශ්‍ය විදිහට කළබල කරගන්නව.
නමුත් නිවන අවබෝධකර ගැනීම පිණිස අපේ අදහස තිබුණොත්, ඒ සඳහා වෑයම් කරනවනම්, ඒ සඳහා වුවමනා ක්‍රමානුකූල වැඩපිළිවෙල අපි ඉගෙනගන්නව.
දැන් සමාධිය ඇතිකරගන්නවා කියල විතරක් හිතුවොත්, සමාධිය ඇතිකරගන්න පුළුවන් නිවන අවබෝධ නොවී. භාග්‍යවතුන් වහන්සේ පහළවෙන්න පෙරත් සමාධිය ඇතිකරගත්ත පිරිස් හිටිය. ඒ නිසා අපි කල්පනාකල යුත්තේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට ධර්මය පුරුදුකරගෙන, සසර දුකෙන් නිදහස්වීම පිණිස වුවමනා විදිහට අපේ හිත දියුණුකරගන්ටයි.
එතකොට අපි ඒ සඳහා කළබල කරගන්නෙ නැතුව ඉතා ම ඉවසීමෙන් ධර්මය පුරුදුකරගන්න ඕනැ. කළබලෙන් බණ භාවනා පුරුදුකරගන්න කියල මහන්සිවීමෙ දී තමයි මුළාවීම් වලට ගොදුරුවෙන්නෙ. එතකොටයි ඥානවාදය, භාවනාවාදය වගේ වාද කරන ස්වභාවයන්ට අපේ හිත වැටෙන්නෙ. හිත මුළාවෙලා යනව.
එනිසා අපි කළබලකරගන්නෙ නැතුව ධර්මය හොඳින් පුරුදුකරගන්න කල්පනා කළ යුතුයි.
ඉතින් අපි කාටත් සෙත්පතනව, මේ ලැබුණු අවස්ථාව අත්හැරෙන්නෙ නැතුව, හිතේ තිබෙන මේ නොමග යන ස්වභාවය, හිත විසින් අපිව මුළාකරල සසරට ගෙනයන්න තිබෙන ස්වභාවයන් තේරුම් අරගෙන, ඒ ස්වභාවයන්ට ගොදුරුනොවී, අපිට ලැබුණු උපකාරයෙන් සැබෑම පිහිට ලබාගන්ට සියලු දෙනාටම උතුම් වූ භාග්‍යය උදාවේවා! කියල.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro
Showing posts with label වාසනාවන් මට කළණ මිතුරු ඇසුර. Show all posts

Saturday, January 8, 2011
සම්මා සමාධිය ඇතිකර ගනිමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වත්නි,
සම්මා සමාධිය උපදවගන්ට කැමතිකෙනා විසින් තේරුම් ගත යුතු දේ තමයි ඒ සමාධිය සඳහා වුවමනා කරන සුදුසු දේ තියෙන්ට ඕනැ.
සම්මා සමාධිය ඇතිවෙන්ට නම් සම්මා සතිය තියෙන්ට ඕනැ. සම්මා සතිය උපදවා ගන්ට සම්මා වායාමය තියෙන්ට ඕනැ. සම්මා වායාම තියෙන්ට නම් සම්මා ආජීවය තියෙන්ට ඕනැ. සම්මා ආජීවය තියෙන්ට නම් සම්මා කම්මන්තය තියෙන්ට ඕනැ. සම්මා කම්මන්තය තියෙන්ට සම්මා වාචා තියෙන්ට ඕනැ. සම්මා වාචා තියෙන්ට නම් සම්මා සංකප්ප තියෙන්ට ඕනැ. සම්මා සංකප්ප තියෙන්ට නම් සම්මා දිට්ඨිය තියෙන්ට ඕනැ.
සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්පය උපදින්නෙත් නෑ, සම්මා වාචා උපදින්නෙත් නෑ, සම්මා කම්මන්ත උපදින්නෙත් නෑ, සම්මා ආජීවය උපදින්නෙත් නෑ, සම්මා වායමය උපදින්නෙත් නෑ, සම්මා සතිය උපදින්නෙත් නෑ, සම්මා සමාධිය උපදින්නෙත් නෑ. එතකොට ඒ සියල්ලටම මූලිකවුනේ සම්මා දිට්ඨිය යි. සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස අපි ලඟ ලොකු කැමැත්තක්, වුවමනාවක් තියෙන්ට ඕනැ.
සම්මා දිට්ඨිය උපදවගත්තොත් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී නිවන් මඟට වුවමනා අනිකුත් අංග ක්‍රමක්‍රමයෙන්, උපදවගන්ට අපිට පුළුවන්කම තිබෙනව. එතකොට ඒ විදිහට නිවන්මඟේ අංග පුරුදුකරගන්ට කරගන්ට සම්මා සමාධිය අපිට ඇතිවෙයිද? නැද්ද? සම්මා සමාධිය ඇතිවෙනව. ඒ නිසා වඩා මූලිකවෙන දේ කුමක්ද? සම්මා දිට්ඨිය.
සම්මා දිට්ඨිය කියල කියන්නෙ කුසල් අකුසල් අඳූරගන්ට පුළුවන් හැකියාව. ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය. එතකොට ඒ හැකියාව, ඒ අවබෝධය ඉබේ ඇතිවෙනවද? ඒක ඉබේ ඇතිවෙන්නෙත් නෑ. සම්මා දිට්ඨිය ඇතිවෙන්ට නම් මොකක්ද ඇතිවෙන්ට ඕනැ. උපදිනවද? සිත අපිරිසිදුව තිබෙත්දී සම්මා දිට්ඨිය උපදින්නෙ නෑ.
එතකොට ඒ විදිහට සිතේ අපිරිසිදු භාවය උපදවන්නෙ මොනවයින්ද? ඊරිසියාව, මසුරුකම, ඉච්ඡාව, ලෝභය, ගුණමකුකම, එකට එක කරන ස්වභාවය. ඒවගේ අකුසලයන්ගෙන් තමයි හිත කිලිටි කරන්නෙ. ඒ කිලිටි ස්වභාවය තියෙන තාක් සම්මා දිට්ඨිය උපදිනවද? ඉපදෙන්නෙ නෑ. එහෙනම් ඒ කිලිටි ස්වභාවයන් නැතිවෙන්ට ඕනැ. ඒ කිලිටි ස්වභාවයන් නැති වුනායින් පස්සෙ හිත පිරිසිදුයි. අන්න ඒ විදිහට හිත පිරිසිදුවුනායින් පස්සේ, එබඳූ පිරිසිදු හිතකින් තමයි ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය ඇතිවෙන්නෙ.
අන්න ඒ විදිහට ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය ඇති වූ කෙනාගේ සිතේ තමයි සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡාව කියන සංයෝජන ප්‍රහාණය වෙන්නෙ. සිත පිරිසිදුවෙන්ට ඕනැ. සිත අපිරිසිදුව තිබෙද්දී සම්මා දිට්ඨිය එතකොට අපේ හිතේ ධර්මය පුරුදුවෙන ආකාරය ගැන අපිට වැටහීමක් තියෙන්ට ඕනැ.
එතකොට ඒ විදිහට ඒ අකුසල ස්වභාවයන් ප්‍රහාණය වෙන්ට නම් සීලය හොඳට ශක්තිමත්ව පරිපූර්ණවෙන්ට ඕනැ. සීලය හොඳට පිරෙන්ට ඕනැ. සීලය සම්පූර්ණ වෙන්ට ඕනැ. සීලය පිරුනුකෙනාගේ සිත පිරිසිදු වෙනව. සීලය පිරිසිදු වුනායින් පස්සේ පසුතැවෙන ස්වභාවයන් නෑ, සිත පිරිසිදුයි. අන්න එයාගේ හිතේ ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධඥානය ඇතිවෙනව. එතකොට සීලය ගැන අපිට හොඳ වැටහීමක්, හොඳ උනන්දුවක් තියෙන්ට ඕනැ.
සීලය පිරෙන්නෙ කොහොමද? සීලය හොඳට සම්පූර්ණවෙන්ට නම් ශ්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීර්යය, ප්‍රඥ්ඥාව කියන ගුණ ධර්ම හොඳට පුරුදුකරන්ට ඕනැ. පරිපූර්ණ කරන්ට ඕනැ. අන්න ඒ විදිහට ඒ ගුණධර්ම පුරුදුකරන්ට කරන්ට ඒ සේඛ ධර්මයන් පුරුදු කරන්ට කරන්ට සීලය පිරෙනව. හිතේ පසුතැවෙන දේවල් ඇතිකරන දේවල් නැතිවෙලා යනව. සිත පිරිසිදුවෙනව. පිරිසිදු වූ සිතින් සම්මා දිට්ඨිය ඇතිවෙනව.
ඒ සම්මා දිට්ඨියෙන් වාසය කරන කෙනා තුළ සම්මා සංකප්ප උපදවගන්ට පුළුවන්. සම්මා සංකප්ප තියෙන කෙනාට සම්මා වාචා උපදවගන්ට පුළුවන්. ඊලඟට එයාට සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාමය උපදවගන්ට පුළුවන්. ඒ විදිහට වෑයම්කරන කෙනාට සතිපට්ඨානයේ හිත පිහිටුවගන්ට පුළුවන්.
සතිපට්ඨානයෙ හිත හොඳින් පිහිටුවගන්ට නම් එයා තුළ තිබියයුතු අංග මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. ඒව නැත්නම් සතිපට්ඨානයේ හොඳින් හිත පිහිටයිද? සම්මා සතිය පිහිටන්නෙ නෑ. එතකොට ඒ මූළික ගුණධර්ම, ඒ නිවන් මෙග් අංග අපි පුරුදුකරගෙන ක්‍රම ක්‍රමයෙන්, ක්‍රම ක්‍රමයෙන් පුරුදුකරගෙන යන්ට ඕනැ.
ඒව ක්‍රම ක්‍රමයෙන් බලවත් වෙන්ට වෙන්ට තමයි සිහිය ටික ටික බලවත්වෙන්නෙ. දැන් සම්මා සංකප්ප සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ මාර්ග අංග පුරුදුවෙන්ට වෙන්ට ක්‍රම ක්‍ර‍්‍රමයෙන් සිහිය දියුණුවෙනව. සිහිය දියුණු කරගන්නෙ නැතුව සම්මා සංකප්ප පුරුදු වෙන්නෙත් නෑනෙ. සම්මා වාචා පුරුදු වෙන්නෙත් නෑ. එතනත් සිහිය දියුණු වෙනව. ඒ විදිහට ක්‍රමානුකූලව සිහිය දියුණුවෙන්ට දියුණුවෙන්ට තමයි සිහිය බලවත්වෙන්නෙ. ඒ විදිහට සිහිය බලවත්වුන කෙනාට සම්මා සතිය උපදවගන්ට පුළුවන්. සතිපට්ඨානයෙ හිත හොඳ ට පුරුදුකරගන්ට පුළුවන්.
බලන්න එතකොට දීර්ඝ වැඩපිළිවෙලක් අනුගමනය කරන්ට ඕනැ නේද? ඒ විදිහට ඒ නිවන්මගේ අංග පුරුදුකරගෙන යන කෙනාට සම්මා සතිය උපදවගෙන, ඒ සිහිය හොඳින් දියුණු කරගන්න කෙනාට, සම්මා සමාධිය ඉපදෙනව. එතකොට අන්න ඒ විදිහට අපි නිවන් මඟ ගැන තේරුම් අරගෙන නිවන් මගේ ආරම්භයට පැමිණෙන්ට කටයුතු කළ යුතුයි.
ඉතින් අපි කාටත් සෙත් පතනව කාටත් මේ ලැබුනු අවස්ථාව අත්හැරෙන් නැතුව, හිතේ තිබෙන මේ නොමඟ යන ස්වභාවය, හිත විසින් අපිව මුළා කරල අපි සසරට ගෙන යන්ට තිබෙන ස්වභාවයන් තේරුම් අරගෙන, ඒ ස්වභාවයන්ට ගොදුරු නොවී මේ අපිට ලැබිල තිබෙන උපකාරයෙන් සැබෑම පිහිට ලබාගන්ට සියලුදෙනාටම උතුම් වූ භාග්‍යය උදාවේවා කියල.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

Friday, January 7, 2011
උපක්‍රමයෙන් පිරිසිදු කරගතයුතු සිත
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වත්නි, බොහෝ කලක් මේ හිත කෙලෙස්වලින් කිලිටිවෙලා ඉතාම අපිරිසිදු ස්වභාවයකට පත්වෙලා තියෙන එකක්. ඉතින් එබඳූ අපිරිසිඳූ වූ සිතක් පිරිසිදු කරගැනීම අපිට කඩිමුඩියෙ, හදිස්සියෙන් කල හැකි දෙයක්ද? කරන්ට බෑ. ඉතාමත්ම නුවණින්, ඉතාම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙකුට මේ අතිශයින් කිලිටි සහිත සිත, අපට තෝරා බේරා ගන්ට බැරි සිත, ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් පිරිසිදු කරගන්ට පුළුවන්කම තියෙනව. එතකොට ඒ විදිහට අපිට අඳූනගන්ට බැරි, තෝරගන්ට බැරි, අපිරිසිදු සිත මේ සිතම මුල්කරගෙන, මේ සිතම උදව්කරගෙන පිරිසිදු කරගන්ට ඕනැ.
එතකොට අපි අන්න ඒ වගේම බැරෑරුම් කටයුත්තක් තමයි කරන්ට තියෙන්නෙ. ඉතාම අමාරු දුෂ්කර කටයුත්තක් අපි කරන්ට ඕනැ. අන්න ඒ වගේ දුෂ්කර කටයුත්තක් කරනකොට මේ හිත මෙල්ල කරගන්ට ඕනැ. හිත මෙල්ලකරගෙන මෙල්ල වූ හිතින් තමයි මේ හිත පිරිසිදු කරගන්ට තියෙන්නෙ. බලහත්කාරයෙන් අපිට හිත සුමඟට ගන්න බෑ. කැලේ ඉන්න සතෙක්වත් බලහත්කාරයෙන් සුමඟට ගන්න බෑනෙ. සුමඟට ගන්නෙ කොහොමද? උපක්‍රමශීලීව, ක්‍රමාණුකූලව, ඉතාම ඉවසීමෙන් තමයි මේ සිත සුමඟට ගන්න තියෙන්නෙ. අන්න ඒ විදිහට මේ සිත සුමඟට ගැනීම පිණිස කරන උපක්‍රමයක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නෙ.
පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, තමාට අයහපත කිරීමට හේතුවන දේවල් විටින් විට, කලින් කල හොයල බලන්න කියල. තමාට යහපත උපදවල දෙන සම්පත්තීන් ගැන කලින් කල හොයල බලන්න කියනව. ඊලඟට අන් අයට යහපත උපදවල දෙන සම්පත්තීන් ගැන කලින් කල ප්‍රත්‍යවේක්ෂා කරල බලන්න කියනව. අන් අයට අයහපත කරන විපත්තීන් ගැනත් කලින් කල බලන්න කියනව. අන්න ඒ විදිහට බලනකොට මේ සිත දමනය වෙන්න පටන්ගන්නව.
දැන් බලන්න දේවදත්ත කරගත්ත විපත ගැන යම් කෙනෙක් කල්පනා කළොත්, දේවදත්ත තමාගේ ජීවිතයට යහපත කරගන්ට අවස්ථාව තිබෙද්දී ආයෙ ගොඩ එන්ට බැරිමට්ටමට ජීවිතේ විනාශ කරගත්තා කියල කෙනෙක් කල්පනා කළොත්, ඒ සිද්ධවුනේ කොහොමද කියල කල්පනා කළොත්, එයා තමාගේ ජීවිතේ නසාගත්තේ කොහොමද? මොකද වුනේ කියල යමෙක් කල්පනා කළොත්, එසේ කල්පනාකරන කෙනා, එසේ කල්පනා කිරීම නිසා, ඒ තමාගේ හිත දමනය කරගන්ට සමත්වෙනව. ඒක උපක්‍රමයක්. ඒ වගේම තමයි යම් කෙනෙක් ඇතිකරගත්ත යහපත ගැන යමෙක් කල්පනා කළොත් එහෙම අන්න ඒ කල්පනා කිරීම මඟින් ඒ කල්පනා කළ කෙනාගෙ හිතට වීරිය උපද්දල දෙනව, හිත දමනය වෙනව.
ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ නුවණින් කල්පනාකිරීමේ ක්‍රමයක් අපිට කියා දෙන්නෙ. එතකොට අපිට ඕනැ විදිහට අපේ හිත හැදෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ කියාදෙන ආකාරයෙන් කල්පනා කරන්ට කරන්න මේ හිත ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් යහමගට එනව. යහපත් දේ කරන්ට පුළුවන් විදිහට හිත දමනය වෙනව.
මේ හිතේ ස්වභාවය තමයි යහපත් දේ කරන්ට ලේසියෙන් හිත නැමෙන්නෙ නෑ. අයහපත් දේ කරන්ට මේ හිත පහසුවෙන් නැමිල යනව. ඒ නිසා තමයි සසර බොහෝ කලක් යන්ට සිද්ධවුනේ. දැන් අපි මේ සසර දුකෙන් නිදහස්වෙලා සසර ගමන නතර කරගන්ට නම් මේ හිත යහපතට යොමුකරගන්ට ඕනැ. අයහපතෙන් වලක්වගන්ට ඕනැ. එතකොට මේක තමයි දුෂ්කර, අමාරු දේ. ඒ විදිහට අයහපතෙන් වළක්වගෙන යහපතේ පිහිටුවා ගන්ට නම් උපක්‍රමයෙන් තමයි කරන්ට තියෙන්නෙ.

සිහිය දියුණුකරගෙන බලවත් කරගනිමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
බණ භාවනා පුරුදුවෙනකොට හොඳට තේරුම්ගන්ට ඕනැ කලබල කරගන්නෙ නැතුව භාවනාව පුරුදුවෙන්න. භාවනාව ආරම්භ කරනකොටම හොඳට සිත කය සංසුන් කරගන්න ඕනැ. ඒ වගේම තමයි සිහිය හොඳට උපදවගන්නත් ඕනැ. කලබලේට භාවනාව පුරුදුවෙන්ට එප. කලබලේට භාවනා කරන්න පුරුදුවුනොත් එහෙම සිහිය උපදවගන්ට අපිට බැරිවයනව. සිහිය උපදවගන්ට බැරි වුනොත් භාවනාවකින් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබාගන්න බැරිවයනව. භාවනාවකින් අපේක්ෂා කරන්නේ සිහිය උපදවගෙන ඒ සිහිය දියුනුකරගෙන බලවත් දෙයක් බවට පත්කරගැනීම. සිහිය පරිපූර්ණ කරගැනීම.
එතකොට අපි ආරම්භයේදීම කලබලවුනොත් එහෙම අපිට සිහිය උපදව ගන්න බෑ. සිහිය කියල කියන්නෙ උපදවගත යුතු, උපදවගෙන දියුණු කරගත යුතු, දියුණුකරගෙන පරිපූර්ණ බවට පත්කරගත යුතු දෙයක්. එතකොට අපි භාවනාකිරීමෙන් බලාපොරෙත්තු වෙන්නේ සිහිය උපදවාගෙන ඒක දියුණුකරගෙන සම්පූර්ණ කරගන්ට, සිහිය බලවත් කරගන්ට.
එතකොට ආරම්භයේදීම අපි කලබල වුනොත්, කලබලේට භාවනාකරන්න පුරුදුවුනොත් ඒ භාවනාවෙන් අපේක්ෂා කරන දේ ලැබෙන්නෙ නෑ. අපි ඇයි සිහිය පුරුදුකර ගන්නේ සිහිය නැති නිසා තමයි ඇහෙන් දකිනදේට බැඳි යන්නෙ කණෙන් අහනදේට බැඳි යන්නෙ නාසයට දැනෙන ගඳසුවඳට බැඳි යන්නෙ දිවට දැනෙන රසයට බැඳි යන්නෙ කයට දැනෙන පහසට බැඳි යන්නෙත් සිතට දැනෙන අරමුණට බැඳි යන්නෙත්.
අපි සිහිය පුරුදු කරගත්තොත් සිහියෙන් වාසය කරන්ට කරන්ට හටගත්තා වූ යම් බැම් තියෙනවා නම් ඒ බැඳීම ලිහෙන්න පටන්ගන්නව ඒවායෙන් නිදහස්වෙන්ට පටන්ගන්නව ඒ වගේම සිහියෙන් ඉන්ට ඉන්ට අළුතෙන් බැඳීම් හටගන්න එක වළකින්න පටන්ගන්නව එතකොට යම් දවසක අපි සිහිය පරිපූර්ණ කරගත්තොත් පරිපූර්ණ සිහියෙන් ඉන්න අපි පුරුදුවුනොත් අන්න එදාට තියෙන බැඳීම් ඔක්කොම ක්ෂය වෙලා අළුතෙන් බඳීම් හටගන්නෙ නෑ.
එහෙනම් ඒ විදිහට සිහිය උපදවගෙන සිහිය දියුණුකරගෙන සිහිය බලවත් දෙයක් බවට පත්කරගැනීම පිණිසයි භාවනාව කරන්නෙ ඒ නිසා ආරම්භයේදීම සිත කය සැහැල්ලුවෙන් පවත්වගන්න බලන්න. සැහැල්ලුවෙන් පවත්වගන්නවා කියන එකෙන් අදහස්කරන්නෙ කලබලේ අතහැරල සිහිය උපදවගන්නව කියන එකයි.
දැන් ගෙදර දොරේ යම් යම් කටයුතු කර කර ඉඳල පොඩි වෙලාවක් හදාගන්නව භාවනා කරන්න. ඊලඟට ගිහිල්ල ඉඳගන්නව භාවනා කරන්න. එහෙමනෙ ගොඩාක් වෙලාවට වෙන්නෙ. එහෙම කලොත් අපිට සිහිය පිහිටුවගන්න බෑ. කළබලේ තියෙද්දී දියුණුවක් ඇතිකරගන්න බෑ පිරිහීම් ඇතිවෙනව. බිඳ වැටීම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වාඩිවුනහම, එකපාරට භාවනාව කරගෙන කරගෙන යන්න එපා.
වාඩිවෙලා සිතත් කයත් සැහැල්ලුවෙන් සංසුන්ව ඉන්න. ඒ ඉන්නකොට තමන් තේරුම් ගන්න මම කොතනද ඉන්නෙ කියල. දැන් මේ අය ගෙදර යම් තැනක වාඩිවෙනව නම් ඇස් වහගන්න කලින්ම තේරුම්ගන්න කාමරේ නම් ඉන්නෙ මම දැන් මේ කාමරේ වාඩිවෙලා ඉන්නෙ කියල. ඊට පස්සෙ හිමීහිට ඇස් වහගෙනත් තේරුම් ගන්න මම දැන් මේ කාමරේ ඉන්නෙ කියල. අන්න ඒක අපිට එහෙ මෙහ දුවන හිත සංවරකරගන්න එහෙම නැත්නම් කළබලය අඩුකරගන්ට පුංචි උපක්‍රමයක් ඒක එතකොට අපි ඇස්වහගෙන ඉන්දැද්දි දන්නව කොතනද ඉන්නෙ කියල.
ඊට පස්සෙ අපි ඒ විදිහට හොඳට හිත පිහිටුවගෙන තමන් වාඩිවෙලා ඉන්න ඉරියව්වටත් හිත පිහිටුවගන්නව. ඉරියව්වත් හොඳින් හිතින් තේරුම්ගන්න. ඊට පස්සෙ අපි භාවනාව පුරුදුකරන්න ඕනැ. ඒ අදාල මනසිකාරය හිමිහිට පුරුදුකරගන්න.
එහෙම නැත්නම් ගොඩාක් අය කරන්නෙ ඇවිදින් වාඩිවුනා, භාවනා මනසිකාරය කරගෙන කරගෙන යනව ඇස්දෙක වහගෙන. ටිකක් වෙලා ගියායින් පස්සෙ කොහේ ගියාද කියල මතක නෑ කල්පනාව නෑ. අන්න ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක දියුණුවක් නෙවෙයි. ඒකෙන් පිරිහෙන පැත්තට හිත නැඹුරුවෙන්ට ඉඩතියෙනව. ඒක අනතුරක්. ඒ නිසා ආරම්භයේදීම හොඳට සිහිය උපදවගන්න.
ඊට පස්සෙ තමන්ගේ ඉරියව්වට සිහිය පිහිටුවගත්තහම සිහිය උපදින්ට පටන්ගන්නව. ඊට පස්සෙ ටිකෙන් ටික ටිකෙන් ටික භාවනා මනසිකාරයට සිත පුරුදුකරන්ට පුරුදුකරන්ට සිහිය ඉපදෙනව. එතකොට භාවනා කරන අතර වුනත් අපි දන්නව කොහෙද ඉන්නෙ කියල. අපි ගෙදර ඉඳල මේ භාවනා කරන්නෙ කියල දන්නව. එහෙම නැත්නම් භාවනා කරන අතර කොහෙද ඉන්නෙ කියල තේරෙන්නෙ නෑ.
ඒ නිසා හොඳට සිහිය උපදවගන්ට පුරුදුකරන්න. ඒ සඳහා උපක්‍රමයක් තමයි අපි අද කියල දුන්නෙ. හොඳයි අපි මේ සියලු දෙනාටම සිහිය හොඳින් උපදවගෙන ඒ සිහිය දියුණු කරගෙන පරිපූර්ණ කරගෙන සිහි නුවණ බලවත් විදිහට උපදව ගන්ට භාග්‍ය උදාවේවා කියල සෙත්පතනව.

විශ්මිත වූ ධර්මයෙන් පිළිසරණ ලබමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වතුනි,
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් අපිට ලබන්ට නම්, ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්ට නම්, ඒ ධර්මයේ තිබෙන විශ්මිත බව අපිට තේරෙන්න ඕනැ. මේ ධර්මය විස්මිතයි, අපූරුයි, පුදුමයි, අත්භූතයි කියල අපිට තේරෙනවා නම්, අන්න එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. එයාට අලුත් ජීවිතයක් ඉපදෙනව.
යමෙක් තුළ විශ්මය උපදින්නේ ඊට කලින් නොදුටු දෙයක්, ඊට කලින් නොඇසූ දෙයක්, ඊට කලින් නොදත් දෙයක් දැක්කහම, ඇසුවහම, දැනගත්තහම. එතකොට අපි ධර්මයක් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා නම්, "මේක හරි විශ්මිත දෙයක්, අපි නොදුටු දෙයක් දැක්කා, අපි නොඇසූ දෙයක් ඇසුවා, අපි නොදත් දෙයක් දැනගත්තා" කියල එයා විශ්මයට පත්වෙනව. එයා තුළ මහත් වූ ප්‍රමුදිත බව, ප්‍රබෝධය හටගන්නව. ඒ මොහොතෙ පටන් එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. ඇයි එයා සතුටු සිතින් ඒ ධර්මය පිළිගත්ත.
ඒ ආකාරයෙන් ධර්මය පිළිගත්තොත්, එයාගෙ සිත තුළ ඒ ධර්මයට ලොකු ඉඩක් තියෙනව. එතකොට සිත තුළ ධර්මයට ඉඩ කඩ වැඩිවෙන්ට, වැඩිවෙන්ට අකුසලයට ඉඩ කඩ අඩුයි.
සාමාන්‍යයෙන් ධර්මයට හිත තුළ ඉඩ කඩ අඩුයි. එතකොට ඒ හිත තුළ ඉඩ කඩ තියෙන්නෙ අකුසලයට. කාපු දේවල් වේවා, බීපු දේවල් වේවා, ඇඳපු දේවල් වේවා, මේවා කල්පනා කර කර, කාමයන් ගැන හිත හිත ඉන්න ස්වභාවයක් තමයි අපේ හිත් තුළ තිබෙන්නේ. මේ ආදී ස්වභාවයන්ට තමයි හිතේ ගොඩාක් ඉඩ තියෙන්නෙ.
ධර්මයකට තියෙන්නෙ පුංචි ඉඩක්. අපි ඒ ඉඩ පළල් කරගන්න ඕනැ. මේ හිත තුළ වැඩි ඉඩක් ධර්මයට ලබාදෙන්ට ඕනැ. එබඳූ ලොකු ඉඩක් හිත තුළ ධර්මයට ලැබෙන්නේ, ඒ අහන ධර්මය වේවා, කියන ධර්මය ගැන වේවා, මහත් වූ සතුටක් අපි තුළ ඉපදෙනවා නම් පමණයි.
දැන් බලන්න අපේ හිත තුළ කාමයට ලොකු ඉඩක් ආවෙ ඇයි? ඒ කාමයන්ගෙන් සතුටුවුන නිසා නේද? පාරෙ යනකොට ලස්සන රූපයක් දැක්ක නම්, ඒ දැකපු රූපයෙන් සතුටු වුනා නම්, අපේ හිතේ ලොකූ ඉඩක් ඒ රූපය ගැන හිතන්න ඉඩ සලසගන්නව. හිටගෙන ඉන්දැද්දි වේවා, ඉඳගෙන ඉන්නවිට වේවා, නිදාගෙන හෝ ඇවිද ඇවිද හෝ වේවා මේ මුලු හිතම යොදාගෙන ඒ දැකපු එක කල්පනා කර කර ඉන්නව. ඇයි ඒ? ඒකෙන් සතුටු වුනා, පිනා ගියා. ඒ දැකපු දෙයින් සතුටුවෙන්න අපේ හිතේ ලොකු ඉඩක් ඉපදුනා.
එහෙනම් ධර්මය හිතේ පවත්වන්න ඊට වඩා ඉඩක් සලසගන්න ඕනැ. එහෙම වෙන්න නම් ඒ ධර්මයෙන් සතුටුවෙන්න ඕනැ. ඒ ධර්මය හිතේ පවත්වගන්න එතකොට පහසුයි. සතුටු නොවෙනවා නම්, ඒ ධර්මය හිතේ පවත්වගන්න බෑ. එතකොට ඒ සතුටු වෙන්ට පුළුවන් කෙනා, ඒ ධර්මයෙන් මහත් සේ සතුටුවෙනව. එයා විස්මයට පත්වෙනව. අන්න එතැන් පටන් එයා තුළ දියුණුවෙන්නෙ ශ්‍රද්ධාවමයි.
ඉස්සර අපි දේශනා වල අහල තියෙනවා නේද භාග්‍යවතුන් වහන්සේ පිරිස් පිරිවරාගෙන ධර්මය කියාදෙනව කියල. ඒ ධර්මය කියා දීල අවසානයේදී, ඒ පිරිස ප්‍රකාශකරනව, "ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්යයි, අද්භූතයි, පුදුම සහගතයි, නොදත් දෙයක් දැනගත්තා, අඳූරේ හිටි කෙනෙකුට තෙල් පහනක් දල්වල පෙන්නුව වගේ, මං මුලා වූ කෙනෙකුට පාර පෙන්නුවා වගේ" කියල එයාගේ ප්‍රසාදය සතුට ප්‍රකාශකරනව නේද? ඒ දේශනා අපි අහල කියවල තියෙනව නේද? එබඳූ ප්‍රකාශ එන්නෙ ඇයි? ඒ අය තුළින්. ඒක තමයි ඒ අය තුළ ඒ ධර්මය නිසා උපන් සතුට. එහෙම සතුටක් ඉපදුන නිසා තමයි එහෙම ප්‍රකාශ එයා කරන්නෙ. එයා තුළ උපන් විශ්මය ප්‍රකාශ කරනව. ඊලඟට එයා ප්‍රකාශ කරනව, "ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, දිවි හිමියෙන් උපාසක කෙනෙක් විදිහට මා පිළිගන්නා සේක්වා" කියල. එහෙම නැත්නම් "මා පැවිදිකරගන්නා සේක්වා" කියල එයා ශ්‍රාවකත්වයට පැමිණෙනව.
එතකොට ශ්‍රාවකත්වයට පැමිණෙන්න අපිට උදව්වෙන්නෙ මොකක්ද? ඒ ඇසු ධර්මය ගැන සතුටක් අපිට ඉපදෙනව නම්, ඒ සතුට මුල්වෙලා අපිට කැමැත්තක් ඇතිවෙනව අපේ හිතේ ඒ ධර්මයෙන් පිළිසරණ ලබන්න. දැන් කාමයන් දැකල ඒකෙන් සතුටුවෙන්නනෙ කැමතිවෙන්නෙ. ඒකෙන් පිළිසරණක් ලබන්න කැමතිවෙනව නේද? ප්‍රිය රූපයක් දැකල ඒකෙන් සතුටුවෙලා ඒ ගැන හිත හිතා ඉන්නෙ, ඒකෙන් සැනසීමක් ලබන්නම් කියල.
යමෙක් ධර්මය අහල, ධර්මයට පැහැදුනොත්, එයා කැමතිවෙනව ඒ ධර්මයෙන් පිළිසරණක් ලබන්න. අන්න ඒ විදිහට ධර්මයෙන් පිළිසරණක් ලබන්න කැමතිකෙනා ශ්‍රාවකත්වයට එනව. අන්න ඒ විදිහට අපි මේ ධර්මයන් ඉගෙනගන්නකොට අපි තේරුම්ගතයුතුයි. ඒ හැම අවස්ථාවකමදීම ඒ ධර්මයන් කෙරෙහි අපි පැහැදීම උපදවගන්න ගොඩාක් මහන්සිවෙන්න ඕනැ, කල්පනාව උපදවගන්න ඕනැ.

සම්පත්තීන් විපත්තීන් හඳූනාගනිමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වතුනි,
තමාගේ ජීවිතය දියුණුකරගන්ට හොයල බැලුවෙ නැත්නම්, ප්‍රත්‍යවේක්ෂා කලේ නැත්නම්, එයාට මොකද වෙන්නෙ? ඔන්න දැන් තමාගේ සීල සම්පත, චිත්ත සම්පත, දිට්ඨි සම්පත, ගැන හොයල බලන්නෙ නෑ. ඒ විපත්තීන් ගැන හොයල බලන්නෙත් නෑ.
මෙහෙම ඉන්නකොට අපේ පුරුද්දට කලක් තිස්සෙ සිතේ තිබුණ ස්වභාවයන් මතුවෙලා එනව. ඔන්න එයාට ලාභයන් මතුවෙලා එනව. මොකද වෙන්නෙ එතකොට? දැන් එයා ඒකට ආසකරනව නේද? ඇයි ඒකෙ ආශ්වාදයක් තියෙනවනෙ. එයා හිතනව, "මට ලාභයක් ලැබුන, මම වාසනාවන්තයෙක්, මට පිනක් තිබුන, මගෙ පිනට මේ ලාභය ඉපදුනා" කියල.
එතකොට මෙහෙම ලාභ ලැබෙන්න ලැබෙන්න එයා හිතනව, "මම කොච්චර පිං වන්තයෙක්ද? වාසනාවන්තයෙක්ද? මට ලාභ ලැබෙනව. ඔයගොල්ලන්ට තමයි නැත්තෙ" කියල. එතකොට තමා ඒකෙන් මත් වෙනව. අන් අය යටකරනව. මේ විදිහට ඉන්ට ඉන්ට එයා ලාභයෙන් මත්වෙන්ට පටන්ගන්නව.
එතකොට ඒ විදිහට ලාභයෙන් මත්වෙන කෙනා ඒ ලාභය නිසා තමා වැදගත් කෙනෙක් කියල කල්පනා කරනව. අන් අය හෙලා දකිනව. එතකොට තමාත් අසත්පුරුෂ ගති පුරුදුකරන කෙනෙක් බවට පත්වෙලා. අසත්පුරුෂ ගතිය තමයි තමා හුවාදක්වමින් අන් අයව හෙලා දක්වන ස්වභාවය.
එතකොට බලන්න අසත්පුරුෂ ගති දැන් පුරුදුකරනව. මොකක්ද මුල්වුනේ? අර ලාභයට යටවුනා. අපි තමාගේ සම්පත්තීන් විපත්තීන් හොඳ තේරුමකින් හොයා බලනනව නම්, ඒ කෙනා තමන්ගේ සීලය ගැන හොයා බලමින් ඉන්නව.
මගේ සීලය මට සම්පත්තියක්. ඒ සීල සම්පත්තිය මම දියුණුකරගන්ට ඕනැ. කලින් කලට හොඳට එයා සොයා බලනව. චිත්ත සම්පත ගැන හොයල බලනව. හිත මම ලෝභයට යටවෙන්ට දෙන්ට හොඳ නෑ. දැඩි ලෝභය මට විනාශය උපදවන දෙයක්, දැඩි ද්වේෂය මට විනාශය උපදනව දෙයක්, මේ සිතේ විපත් ස්වභාවය නැතිකරගන්ට ඕනැ.
මෙයා විටින් විට හොයල බලනව, කලින් කලට හොයා බලනව තමාගේ සිත ගැන. දැඩි ලෝභය තියෙනවද? මේ විදිහට. තමාගේ සිත ගැන හොයල බලන කෙනෙක් නම් ලාභයක් ලැබුනහම ඒකට යටවෙයිද? යට වෙන්නෙ නෑ. හොයල බලන්නෙ නැති කෙනා ඒකට යටවෙනව.
ප්‍රත්‍යවේක්ෂා නොකරන කෙනා ඒකට යටවෙනව. අලාභයක් ලැබුනහම ඒකටත් යටවෙනව. යසස එකටත් යටවෙනව. අයස, ඒකටත් යටවෙනව. සත්කාර, අසත්කාර ඒවටත් යටවෙනව. ඊට පස්සෙ පාපී ඉච්ඡාව. පාපී ඉච්ඡාවට යටවෙන්නෙ ඇයි? දැන් එයාගේ සම්පත් විපත් ගැන හොයල බලන්නෙ නෑනෙ.
එතකොට එයාට සීලය සම්පතක් බවට පත්වෙනවද? සීලය පිරිහෙනව. ඇයි දැන් එයා යටවෙන්නෙ ලාභයට, අලාභයට, සත්කාර, අසත්කාර මේවට. එතකොට එයා තමාට ලැබෙන ලාභය රැකගන්න, දියුණුකරගන්ට තමයි මහන්සිවෙන්නෙ. අලාභයට අකමැතිවෙලා ඒක බැහැරකරගන්ට එයා මහන්සිවෙනව.
යසස වැඩිකරගන්ට මහන්සිවෙනව. සත්කාර උපදවගන්න මහන්සිවෙනව. නමුත් ඒව උපදවගන්න එයා තුළ උපන්දෙයක් එයාට නෑ. මොකද කරන්නෙ එයා? සීලය නැත්නම් තියෙනව වගේ පෙන්වනව. එයා තුළ යම් නුවණක් නැත්නම්, නුවණ තියෙනවා වගේ එයා පෙන්වන්න උත්සාහ කරනව. එතකොට පාපී ඉච්ඡාව කියන එකත් එයා තුළ මතුවෙනව. අන්න ඒකටත් එයා යටවෙනව. ඇයි එයාට රැකෙන්න තියෙන උපක්‍රමක් ඒක.
තමාට ලැබෙන ලාභය රැකගන්නත්, අලාභ බැහැරකරගන්ටත්, යසස උපදවගන්ටත් එයාට තියෙන උපක්‍රමයක් තමයි පාපී ඉච්ඡාව. ඊලඟට ඒකට අනුබල දෙන්නේ පාප මිත්‍රය. පාප මිත්‍රය කවදාවත් ඒව බැහැරකරගන්ට අනුබල කරන්නෙ නෑ. එතකොට එයා පාප මිත්‍රයාටත් ගොදුරුවෙලා යනව.
එතකොට බලන්න තමාගේ සම්පත්තීන් විපත්තීන් කලින් කලට ප්‍රත්‍යවේක්ෂා කරනව නම්, එයා පාපී අකුසලයන්ට ගොදුරුවෙන ස්වභාවය අඳූරගන්නව. එයා තේරුම්ගන්නව ලාභයෙන් මගෙ හිත යටවෙනව, අලාභයෙනුත් මගෙ හිත යටවෙනව කියල තේරුම් අරගෙන ඒ අකුසලයන් බැහැරකරගන්ට කල්පනා කරනව, කටයුතු කරනව.

මග නොමග හඳූනාගනිමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වත්නි,
ධර්මය තුළින් අපේ ජීවිතය දියුණු කරගැනීම කියල කියන්නෙ, අකුසලයෙන් සිත මුදවගෙන, කුසලයට පමුණුවගෙන, සිත පිරිසිඳූ දෙයක් බවට පත්කරගන්නවා කියන එක. එතකොට ඒ සඳහා අකුසල් බැහැරකිරීම කියන දේ සිදුකරන්ටම ඕනැ. අකුසලය පවතිද්දීම සිතේ පිරිසිඳූ බවක් ගැන කතා කරන්ට හෝ හිතන්ට හෝ පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.
එතකොට ධර්මය අවබෝධ කරගන්නවා කියල කියන්නෙ අකුසල් බැහැරකරමින්, කුසල් උපදවගෙන, සිත පිරිසිදු කරගන්නවා කියන එකමයි. ඉතින් මේ කටයුත්ත හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. නමුත් එයින් අදහස්වෙන්නෙ මේක අපිට අතහරින්ට කියන එක නෙවෙයි. මේක අපිට කරගන්ට අවස්ථාව තියෙනව.
ඉතින් මේ දුෂ්කර අමාරු කටයුත්ත කරගන්ට අපි ගොඩාක් නුවණ පාවිච්චි කරල, ඉතාම කල්පනාවෙන් කලොත් අපිට මේ ධර්මයෙන් පිහිටක් ලබන්න පුළුවන්. අන්න එබඳූ අවස්ථාවක් තියෙනවා කියල තමයි අපි තේරුම්ගත යුත්තේ.
මේ මඟ යද්දී යමෙකුට වෙන්ට පුළුවන් ලොකුම නොමග යෑම මෙකක්ද? අවබෝධ නොවීම මට අවබෝධ වුනා කියල යමෙකුට අදහසක් ඇතිවුනොත්, අන්න ඒක විශාල උවදුරක්, අනතුරක්, ඒකෙන් නිදහස්වෙන එක අමාරුයි. ඇයි ඒකෙන් නිදහස්වෙන එක අමාරු?
දැන් අවබෝධවෙලා, අවබෝධ වුනා කියල අදහසකට පැමිණීම දොස් රහිතයි, හානියක් නෑ. ඒක සිද්ධවෙලා. අවබෝධ වුනකෙනාට, අවබෝධ වුනා කියල වැටහෙනව. එයාට හානියක් වෙන්නෙත් නෑ, තව කෙනෙකුට හානියක් වෙන්නෙත් නෑ, ධර්මයට අභූතයෙන් චෝදනා එන්නෙත් නෑ. කාගෙන්වත් භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කෙරෙන්නෙත් නෑ. ඇයි එතන සිදුවුන දේම ප්‍රකට වුනා.
නමුත් යමෙකුට අවබෝධ නොවී, අවබෝධවුනා කියන අදහසට ආවොත්? එතකොට එයත් විශාල අනතුරකට පත්වෙලා, ධර්මයටත් අභූත චෝදනාවක් එනව නේද? භාග්‍යවතුන් වහන්සේටත් නින්දා කරන ස්වභාවයක් උපදින්න පුළුවන්. ඇයි ධර්මය අවබෝධ කලා කියල කියන අය තුළ තිබිය යුතු ගුණධර්ම එතකොට ප්‍රකට වෙන්නෙ නෑ. එතකොට භාග්‍යවතුන් වහන්සේටත් අභූතයෙන් චෝදනා කරන්න ඉඩතියෙනව නේද?
එතකොට බලන්න අපි ධර්මය අවබෝධ කරගැනීම පිණිස උත්සාහ කරද්දීත්, යම් ආකාරයක නොමඟ යාමක් සිදුවුනොත්, අර අවබෝධ නොවීම අවබෝධ වුනා කියන ස්වභාවය, නොමඟ යාම් අතරින් අතිශය භයානක නොමඟයාමක්.
අන්න ඒ වගේම නොමඟයාම් වලින් වලක්වගන්න අපි ආරම්භයේ ඉඳන්ම පුරුදුවෙන්නෙ ඕනැ. ඒ වගේ වෙන්ට පුළුවන් නේද අපිට. මොකද අපි ගැන අපි තේරුම්ගන්න ඕනැ. අපි තියුණු නුවණක් සහිත අය නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළිපැද්දොත්, අපේ නුවණ තියුණු කරගන්ට පුළුවන් කියල අපි තේරුම්ගන්න ඕනැ. එතකොටයි අපි බලවත් අය බවට පත්වෙන්නෙ.
ඒ විදිහට අපි කටයුතු කලොත් අපි නොමඟයන්නෙ නෑ. අවබෝධය කියන දේ තුළ තියෙන දෙයක් තමයි, එයාට කුසල් අකුසල් අඳූරගන්න පුළුවන්කම තියෙනව. අවබෝධවෙන්න පටන්ගන්නෙ එයින්මයි. අවබෝධය කියන්නෙ කුසල් අකුසල් අඳූරගන්න පුළුවන් හැකියාව උපදවගැනීමයි.
අන්න එයා තමයි අකුසල් බැහැරකරන්නෙත්, කුසල් උපදවගන්නෙත්. එතකොට යම් කෙනෙකුට අවබෝධ නොවීම අවබෝධ වුනා කියල හිතපුවාම මොකද වෙන්නෙ? අර වුවමනා කරන මූලික හැකියාව එයා තුළ නෑ. එතකොට බලන්න එයා තුළ වුවමනා කරන මූලික හැකියාවම නැත්නම්, එයාට කුසල් අකුසල් අඳූරන්න බෑ නේද? බලන්න කොයි තරම් බිහිසුනු උවදුරකට එයා පාත්‍රවෙනවද කියල.
අතිශයින් බිහිසුණු උවදුරකටයි එයාගෙ ජීවිතය ගොදුරුවෙලා යන්නෙ. ඉතින් ඒ නිසා අපි කල්පනා කළ යුතුයි, අපිට ලැබුණු මේ මහා දුර්ලභ ලාභය අත්හැරෙන්ට නොදි, හැකි උපරිම මට්ටමින් එයින් උපරිම ප්‍රයෝජන ගන්නට. ධර්මයෙන් කෙරෙන සැබෑ කටයුත්ත මොකක්ද කියල අපි තේරුම්ගත්තොත්, මේ නොමඟයෑමට අපි ඉඩදෙන්නෙ නෑ.
ධර්මයෙන් කෙරෙන සැබෑම කටයුත්ත මොකක්ද? අකුසල් බැහැරවෙලා, කුසල් උපදවගෙන, හිත පිරිසිඳූ බවට පත්කරගනීම. ධර්මයෙන් ලැබෙන පිළිසරණ එයයි කියල එතකොට තේරෙන්න ඕනැ.
අන්න ඒ වැටහීමත් සමඟ අපි ධර්මය පුරුදුකරගත්තොත්, අපිට රැවටෙන්නෙ නැතිව සැබෑම බලවතුන් බවට පත්වෙන්න පුළුවන්කමක් තිබෙනව. අපි ධර්මය පුරුදුකරන්න ගිහින් රැවටුනොත් අපි දුබලයින් බවට පත්වෙනව. තිබුණු තත්වයත් නැතිව හීන ස්වභාවයට අපි ඇදගෙන වැටෙනව.
නමුත් අපි ධර්මය හොඳින් තේරුම් අරගෙන ධර්මයට පිවිසෙන්න පුළුවන් වුනොත්, අපි මොහොතින් මොහොත දවසින් දවස බලවතුන් බවට පත්වෙනව.

දෙලොවම දිනන සොඳූරු සම්පත්
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වතුනි,
මේ ජීවිතයට යම් සැපක් ඇතිකරල දෙන බවභෝග තියෙනව. ඒ බව භෝග ජීවිතයට යම් සැපක් හදලදෙන්න තියෙන දේවල් නේද? ඉඩකඩම් වේවා, තියෙන යම් වස්තුවක් වේවා, ඒකෙන් සැපක් උපදවල දෙනව.
මේ පින්වතුන් ඒක සොයා බලා උනන්දුවෙන් ආරක්ෂා කරගත්තෙ නැත්නම්, ටික කලෙකින් ඒක වැනසිලා යනව නේද? සත්තුන්ගෙන් වේවා, සොර සතුරන්ගෙන් වේවා, සොභාදහමෙන් හෝ වේවා ඒකට හානි පැමිණෙනවද නැද්ද? පැමිණෙනව. ඒ අපි කිව්වෙ මේ ජීවිතයට යම් සැපක් ඇති කරල දෙන භෞතික සම්පත්.
නමුත් මේ ජීවිතයටත්, මතු ජීවිතයටත් පරිපූර්ණ සැපක් උපදවල දෙන, මේ ජීවිතය ආපස්සට පිරිහෙන්න නොදී සියලු දුක් දුරුකරගෙන නිවන අවබෝධ කිරීම දක්වාම අපිට යහපත ඇතිකරන සම්පත් තිබෙනව. අන්න ඒ සම්පත් පිළිබඳව අපි නුවණින් විමසා බැලිය යුතුයි.
ඒ වගේම අපිට මේ ජීවිතයෙත් දුක් උපදවන, මතු ජීවිතයේ මීටත් වඩා දුක් උපදවන සසර බොහෝ දුක උපද්දවන විපත්තීනුත් තිබෙනව. අන්න ඒව ගැනත් අපි නුවණින් කල්පනා කරල බැලිය යුතුයි.
මගේ සම්පත්තීන් තියෙනවද? ඉපදුනාද? උපදවගත්තද? ඒවා රැකෙනවද? වැඩි දියුණු වෙනවද? හානි පැමිණෙනවද? කියල තමාම ඒ තමාගේ සම්පත්තීන් ගැන සොයා බැලිය යුතුයි. ඒ වගේම තමා දුගතියක ඉපදෙන්ට හේතු වන විපත්තීන් තියෙනව. අන්න ඒව ගැනත් බලන්න ඕනැ.
ඒ විපත්තීන් තාම තියෙනවද? ඒ විපත් කරන ස්වභාවයේ දේවල් දියුණු වෙනවද? ක්ෂය වෙනවද? මේ විදිහට අපි සොයා බැලිය යුතුයි. එතකොට අපිට යහපත ඇතිකරන සම්පත්තීන් මොනවද? සීල සම්පත, චිත්ත සම්පත, දිට්ඨි සම්පත. ඒ වගේම තමාට අයහපත ඇතිකරල දෙන දේවල් තමයි සීල විපත්තිය, චිත්ත විපත්තිය, දිට්ඨි විපත්තිය.
සීල සම්පත්තිය කියල කියන්නෙ, භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන සීලයක් තියෙනවනෙ, අන්න ඒ සීලය අපි තේරුම් අරගෙන, ඒ සීලය ගැන ගෞරවයෙන් යුක්තව, ඒ සීලය සමාදන් වෙලා, ඒ සීලය ඉතා හොඳින් රැකගැනීම තමයි සීල සම්පත්තිය වෙන්නෙ.
ඊලඟ සම්පත චිත්ත සම්පත. ඊලඟ සම්පත දිට්ඨි සම්පත. එතකොට අපි විටින් විට නුවණින් කල්පනා කරල බලන්න ඕනැ මගේ සීල සම්පත ආරක්ෂා වෙනවද? ඒ සීල සම්පත වැඩි දියුණු වෙනවද? නැත්නම් දියුණු වෙන්නෙ නැද්ද? කියල. එහෙම හොයල බැලුවෙ නැත්නම් ඒ සම්පත පිරිහෙන්ට පුළුවන්.
එතකොට අපි සොයා බලන්න ඕනැ සීලයට හානි වෙනවද? සීල විපත්තීන් ඇතිවෙනවද? ඒව මම දුරුකරගන්නවද? මේ ආදී වශයෙන් අපි කලින් කලට හොයල බලන්න ඕනැ. එතකොට අපි ඒ විදිහට හොයල බලන්ට බලන්ට අපිට සීල විපත්තීන් දුරුකරගන්ට පුළුවන්. සීල සම්පත්තිය බලවත් කරගන්ට පුළුවන්.
ඒ වගේම තමයි චිත්ත සම්පත්තිය. දැන් යම් කෙනෙකුට දැඩි ලෝභය තියෙනව නම්, දැඩි ද්වේෂය තියෙනව නම් ඒ දැඩි ලෝභයෙනුත් දැඩි ද්වේෂයෙනුත් එයාගේ සිතට හානිවෙනව. ඒක චිත්ත විපත්තිය. එතකොට දැඩි ලෝභය, දැඩි ද්වේෂය තියෙන කෙනාට මේ ජීවිතයත් සැප නෑ. දුක් උපද්දවන්නෙ. ඊලඟ ජීවිතයත් එයාට සැප උපද්දවන්නෙ නෑ. දුක් උපද්දවන්නෙ. නමුත් ඒ දැඩි ලෝභය, දැඩි ද්වේෂය ක්‍රම ක්‍රමයෙන් බැහැර කරගත්තයින් පස්සෙ එයාගෙ හිත සුවපත් බවට පත්වෙනව.
ඒ දැඩි ලෝභයත්, දැඩි ද්වේෂයත් අයින් වුනයින් පස්සෙ, ඒ සිත පහන් වෙච්ච දෙයක්, පිරිසිඳූයි. ඒ සිත සම්පතක්. සම්පත කියල කියන්නෙ එයාට සැප උපද්දවල දෙන දෙයක් නිසා. ඒ නිසා අපි ඒ සම්පත්තීන් විපත්තීන් ගැන ඉගෙන ගෙන, විපත් කරන දේවල්, විපත්තීන් බැහැර කර ගනිමින්, දුරු කරගනිමින්, සම්පත්තීන් අපි උපදවගන්ට ඕනැ.
ඊලඟ සම්පත මොකක්ද? දිට්ඨි සම්පත. සම්මා දිට්ඨිය උපදවාගැනීම. සම්මා දිට්ඨිය උපදවගත්තොත්, ඒක දිට්ඨි සම්පත. එතකොට මිත්‍යා දුෂ්ඨියෙන් යුක්ත නම් යම් කෙනෙක් ඒක දිට්ඨි විපතයි. එයාගෙ දෘෂ්ඨිය එයාට හානි පිණිසයි පවතින්නෙ. විනාසය පිණිසයි පවතින්නෙ.
එතකොට අපි මේ සම්පත් විපත් ගැන ඉගෙන ගෙන, අපිට හානිකරවන විපත්තීන් තේරුම්අරගෙන, ඒවා ක්‍රම ක්‍රමයෙන්, ක්‍රම ක්‍රමයෙන් බැහැර කරගන්ට ඕනැ. සම්පත්තීන් ක්‍රම ක්‍රමයෙන් උපදවාගනිමින්, ඒවා දියුණුකරගනිමින් බලවත් බවට පත්කරගන්ට ඕනැ. එතකොට අපි මේ ජීවිතය සතුටින් ගතකරන්න පුළුවන්කම තිබෙනවා. සැපසේ වාසය කරනව.
අන්න ඒ විදිහට සැපසේ වාසය කරන කෙනාගේ මතු ජීවිතේ සැපවත් ජීවිතයක් බවට පත්කරගන්නවා කියන එක සිද්ධ වෙන දෙයක්. එයාට නිවන කරාම ජීවිතය දියුණුකරගන්ට අවස්ථාව සැලසෙනව.

ඔද වැඩී ගිය සිතින් දවස ගෙවන්නට නම්...
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
"ඒ බුදුරජාණන් වහන්සේ ගැන මට දැනගන්ට ලැබුනා, ඒ ධර්ම රත්නය ගැන මට දැනගන්ට ලැබුනා, ඒ සඟරුවන ගැන මට දැනගන්ට ලැබුනා" කියල සිහිකරන්න. ඒක අසාමාන්‍ය ලාභයක්. ඒ තෙරුවන් හමුවීම ගැන අපි කල්පනා කරනව නම්, තෙරුවන් ගැන දැනගන්ට ලැබීම ගැන අපි කල්පනා කරනව නම්, අසාමාන්‍ය සුවපහසුවකින් ඉන්න පුළුවන්.
අපි ආරම්භයට එන්නෙ නැතුව අවසානය ගැන කල්පනා කරන්න ගියා ම අපිට සුවපහසුවක් ඇතිකරගන්ට බෑ. එතකොට අපි සතුටුවෙන්ට ඕනැ "ඒ උතුම් තෙරුවන් අපිට මුනගැහුනා, ඒ තිසරණය ගැන දැනගන්ට ලැබුනා" කියල.
අපිට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබුනද නැද්ද? නමුත් අපිට නොලැබුන දේ මොකක්ද? ඒ අසා දැනගත් දේ හොඳින් දරාගන්ට අපිට බැරිවුනා. හොඳින් දරාගත්තනම්, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපිට සිහිවෙනව. සිහිවුනානම් සුවපහසුව දැනෙනව, සතුටින් ඉන්නව, සතුට ඇතිවෙනවාම යි. ඒක වළක්වන්න බෑ. ඒක ධර්මතාවයක්.
තේකිච්ඡ්කාණී මහරහතන් වහන්සේ, උන්වහන්සේගේ ථේර ගාථාවල කියා දෙනව, "දවස පුරා ම ඔදවැඩීගිය සිරුරින් යුක්තව, ප්‍රීතියෙන් යුක්තව වාසය කරන්න කැමතියි නම්, හිත පහදවගෙන ඒ උතුම් බුදුගුණ සිහිකරන්න" කියල. "හැමතිස්සෙ ම දවස පුරා ම ඔදවැඩීගිය සිරුරින් යුක්තව, ප්‍රීති සිතින් ඉන්න කැමති කෙනා හිත පහදව ගෙන ඒ උතුම් සද්ධර්මයේ ගුණ" සිහිකරන්න කියනව.
ඒ වගේම "දවස පුරාම ඔද වැඩීගිය ප්‍රීති සිතින් ඉන්න කැමති කෙනා සිත පහදවගෙන ඒ උතුම් සඝ රුවනේ ගුණ සිහිකරන්න කියනව. එතකොට ඒ තෙරුවන් ගුණ සිහිකිරීමෙන්, මුළු දවස පුරා ම ඔදවැඩීගිය සිරුරින් යුක්තව, ප්‍රීතියෙන් යුක්තව, පිනාගිය සිතින් යුක්තව වාසය කරන්ට පුළුවන්.
අපි ඒ ගුණ සිහිකරන්ට නම් ඒ ගුණ අපිට තේරෙන්ට ඕනැ. අන්න ඒකට උත්සාහ කරන්න. ඒ තෙරුවන් ලෝකයේ පහළවීම ගැන සිහිකරන්න. ඒ තෙරුවන් ලෝකයේ පහළ වෙන්නෙ කලාතුරකින් කියන කාරණයවත් අපි සිහිකරන්න ඕනැ. එබඳූ උතුම් තිසරණය ගැන අපිට දැනගන්ට ලැබුන. දුර්ලභව අපිට ලැබුන ඒ වාසනාව ගැන හිතල සතුටුවෙන්න.
අපි වගේ ඉතා ම දුර්වල වූ අයටත් මේ උතුම් තෙරුවන් ගැන දැනගන්ට භාග්‍යය ලැබුනා කියල හිතන්න. එයා සතුටින් ඉ£. ඒ නිසා සතුටින් ඉන්ට කැමති කෙනා විසින් ඒ සතුට උනන නොසිඳෙන උල්පත පාදගන්න. අපිට වෙනත් ක්‍රමයකින් සැබෑ සතුටක් උපදවගන්න පුළුවන් කමක් නෑ.
සතුට ලැබෙන වෙනත් විදිහවල් ගැන සිහින මවන්න එපා, කල්පනා කරන්න එපා, වෙනත් විදිහවල් ගැන කතා කරන්නවත් එපා, සතුට ලැබෙන වෙන විදිහවල් ගැන පතන්ටත් එපා. නොසිඳෙන විදිහට සතුට ලැබෙන එකම විදිහ තමයි, තෙරුවන් ගැන හිත පහදවගෙන "ඒ තිසරණය අපිට මුනගැහුනා" කියල කල්පනා කිරීම.
දැන් අපිට ඇත්තෙන්ම සතුටුවෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ඇතිකරගන්ට අවස්ථාව තියෙනව. ඉතින් ඒකට ප්‍රමාදවෙන්න එපා. ඒකට ප්‍රමාද වුනොත් පස්සෙ කණගාටුවෙන්ට වෙයි, "අනේ මට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබුනා, ඒ ලැබිල තියෙද්දී වුනත් මම ඒ ගැන උනන්දු වුනේ නෑ නේද?" කියල.
පස්සෙ එයාට පසු තැවෙන්ට සිද්දවෙයි. ඒ සද්ධර්මය ගැන මට දැනගන්ට ලැබුනා. එසේ ලැබිල තිබෙද්දී වුනත් මම ඒ ගැන උනන්දු වුනේ නෑ කියල පස්සෙ පසුතැවෙන්ට සිද්ධවෙයි ප්‍රමාදවෙන කෙනාට, "ඒ සඟරුවන ගැන මට දැනගන්ට ලැබුනා, එසේ ලැබිල තිබෙතද්දී වුනත් මම ඒ ගැන ඒ ගැන උනන්දු වුනේ නෑ" කියල.
ඒ නිසා මේ ලැබුන මහා ලාභය ගැන සිහිකරමින් සතුටුවෙන්න. "අපි වගේ අයටත් තෙරුවන් ගැන දැනගන්න ලැබුනා නේද" කියල සතුටුවෙන්න. එතකොට ඔයගොල්ලො හැමදාම සතුටින් ඉඳිවි. අන්න ඒ සතුට උපදවගන්න.
අපි සියලු දෙනාටම හදවතින් ආශිර්වාද කරන්න කැමතියි, ඒ බුදුරජාණන් වහන්සේ හමු වීම ගැන සිහි කර කර සතුටුවෙන්ට පුළුවන් විදිහේ සිතක් උපදවාගැනීමට භාග්‍යය උදාවේවා. ඒ සද්ධර්මය හමුවීම ගැන සිහි කර කර සතුටුවෙන්ට පුළුවන් විදිහේ භාග්‍යය උදාවේවා. ඒ උතුම් සඝ රුවන හමු වීම ගැන සිහි කර කර සතුටුවෙන්ට පුළුවන් විදිහේ භාග්‍යය උදාවේවා. ඒ උතුම් තිසරණය මුනගැහීමේ භාග්‍යය සියළු දෙනාටම උදාවේවා කියල අපි ආශිර්වාද කරනව.

ඔබේ නිවහනත් සෙනෙහස පිරුණු කැදැල්ලක්ද?
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වතුනි, ධර්මයෙන් බැහැර දේ කල්පනා කරනකොට තමයි අහිතවත්කම්, අමනාපකම්, මතභේද ඔක්කෝම හටගන්නෙ. ධර්මයේ කියල තියන දේවල් ඉගෙනගෙන, ඒ ධර්මයේ තියෙන ආකාරයෙන් කල්පනා කළොත්, එකිනෙකා කෙරෙහි යම් අමනාපකම්, අහිතවත්කම් තියෙනව නම්, ඒව බැහැරවෙනව. අනුකම්පාව, කරුණාව, මෛති‍්‍රය ඉපදෙනව.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින්, ඒ විදිහට ඉතා ම සැපවත් ජීවිත ගතකල අය. ඉතින් අපේ ජීවිත තුළ යම් සැපක් අපිට උපදවගන්න බැරිවෙලා තිබෙනව නම්, ඒ හැම වෙලාවෙ ම ධර්මයෙන් බැහැර වූ වෙලාවක් නේද? කියල බලන්න. ධර්මයෙන් බැහැර වූ වෙලාවකදීම යි දුක් පීඩා තිබෙන්නේ.
ධර්මයට පැමිණුන වෙලාවක් තියෙනවනම් සුවපහසුයි. හිත මිතුරුකම් පළුදුවෙන්නෙ නෑ. ඒ නිසා ගිහි ගෙදර වාසය කරන ඔබ, ඔබගේ ජීවිත පීඩාවලින් තොරව, තැවුල් වලින් තොරව, කඳූළු හලාගෙන හඬන වැළපෙන ස්වභාවයෙන් තොරව, සුවපත් ජීවිත බවට පත්කරගන්ට මහන්සිවෙන්ට ඕනැ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ධර්මය ඉගෙන ගන්නෙ.
ඒ නිසා මේ ඉගෙනගන්න ධර්මයන් කෙරෙහි ඔබ තුළ විශාල පැහැදීමක්, සතුටක් ඇතිකරගන්ට ඕනැ. අනේ අපිටත් මෙබඳූ ධර්මයක් පුරුදුකරගන්ට ඇත්නම්, "මේ ධර්මය අපි උදෙසායි භාග්‍යවතුන් වහන්සේ කියල දුන්නේ" කියල අපි තේරුම්ගන්න, පිළිගන්න ඕනැ.
මේ ධර්මය අහල සතුටුවෙලා, මේ කෙරෙහි විශ්මයක් උපදවගෙන, මේ ධර්මය තුලට පැමිණුනහ ම මනුෂ්‍යායාගේ ජීවිතය කොතරම් විස්මිත විදිහට දියුණුවෙනවද කියල තේරුම්ගන්න.
මිනිසුන්ගේ ජීවිත කොතරම් බැබලෙනවද කියල තේරුම් ගන්න. මිනිසුන්ගේ ජීවිත ඉතා ම සෙනෙහස ඉපදෙන, සෙනෙහසින් වාසය කරන්ට පුළුවන් හිත් මේ ධර්මය තුළින් උපදවගන්න පුළුවන්කම තියෙනව නේද කියල කල්පනා කරන්න.
ඒ වගේ ම ධර්මය නිසා කොයිතරම් වීරියවන්ත ජීවිත මිනිස්සුන්ට උපදිනවද කියල කල්පනා කරන්න. එහෙම කල්පනා කරල තම තමාගේ ජීවිතත් ශේෂ්ඨ වූ ජීවිත බවට පත්කරගන්න කවුරුත් කැමතිවෙන්න.

නොසිඳෙන සතුට උනන උල්පත හඳූනා ගනිමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
කවුරුත් සතුටින් ඉන්න කැමතියි. බලවත් වූ සතුටකින් ඉන්න කවුරුත් කැමති ඇති. ඒ විදිහට සතුටින් ඉන්න කැමති කෙනෙක්, සතුටුවෙන්න පුළුවන් හොඳ විදිහක් තෝරගත්තොත්, එයා දක්ෂයෙක් නේද? එතකොට මොකක්ද අපිට සතුටුවෙන්ට පුළුවන් හොඳ විදිහ. සතුට ඇතිකරන උල්පතක් අපි පාදගන්න ඕනැ.
උතුරාගිය සතුටකින් වාසය කරන්න කැමති කෙනෙක් විසින්, ඒ විදිහේ සතුටු උනන උල්පතක් හදාගන්න හොඳ විදිහ මොකක්ද? "මට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ලැබුනා" කියල සතුටුවෙනවා නම්, ඒක නොසිඳෙන සතුට උනන උල්පතක්. ඒ සතුට උනන උල්පත සිඳෙන් නෑ. "මට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන දැනගන්ට ලැබුනා" කියල යම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නම්, සතුටුවෙන්ට පුළුවන්නම්, ඒක සතුට සිඳෙන්නැති උල්පතක්.
"මට ඒ භාග්‍යවතුන් වහන්සේගේ සඝරුවන ගැන දැනගන්ට ලැබුනා" කියලා යම් කෙනෙකුට හිතන්න පුළුවන් නම්, අන්න ඒක සිඳෙන්නැති සතුට උනන උල්පතක්. යම් කෙනෙකුට හිතන්න පුළුවන් නම්, "මට ඒ උතුම් තිසරණය මුණගැහුනා, ඒ තිසරණය ගැන දැනගන්ට ලැබුනා" කියල, අන්න එයාට ඒ හිතන දේ සතුට උනන උල්පතක්. ඒක සිඳෙන් නැති උල්පතක්.
යම් කෙනෙකුට ඒ විදිහට හිතන්න පුළුවන් නම් එයා දක්ෂයෙක් නේද? අන්න ඒකයි අපි ඒ උල්පත පාදගත යුත්තේ. එතනින් මෙහා අපි මොන දේ කතා කළත්, මොන දේ කිව්වත්, මොන දේ කරන්ට උත්සාහ කලත්, මොන දේ හිතුවත් සැබෑ සතුටක්, නොසිඳෙන සතුටක් අපේ ජීවිතේ පුරාවට පවත්වා ගන්ට, සතුටක් ඇතිකරගන්ට අපට පුළුවන් වෙයිද? එහෙනම් යම් කෙනෙකුට, හිතේ පුරාවට සතුටෙන් ඉන්න පුළුවන්නම්, වුවමනයි නම්, නොසිඳෙන විදිහේ සතුටකින් සිටින්ට කැමතියිනම්, ඒ සතුට උනන උල්පත මොකක්ද කියල එයාට තේරෙන්ට ඕනැ, එයාට සිහිකරන්ට පුළුවන් වෙන්න ඕනැ. එයාට වැටහෙන්න ඕනැ, "මට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබුනා කියල. එසේ තේරෙනව නම් එයා ඒ ලැබුණු මහා ලාභය සිහිකරනව.
ඒ වැටහීම තියෙන්නෙ කොහොම කෙනෙකුටද? බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබිල තියෙනවා නම් එයාට තේරෙනව "මට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබුනා" කියල. එතකොට එයාගෙ හිතේ ඒ අදහස තව කෙනෙක් විසින් ඇතිකරන්ට වුවමනා දෙයක්ද? නෑ. හැබැයි වෙන කෙනෙක් සිහිකරල දෙන්ට පුළුවන්.
සිහිකරල දුන්නට පස්සේ ඒ අදහස, ඒ සතුට තමන් තුළම උපදින දෙයක්. ඊට පස්සෙ එයාට සිහිකරන්ට පුළුවන් නම් "මට ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම සුන්දර වූ, සැප සළසා දෙන ඒ උතුම් ධර්මය මුණගැහුනා, ඒ ධර්මය ගැන දැනගන්ට ලැබුනා" කියලා, එහෙම හිතන්නෙ කෙහොම කෙනෙක්ද? ඒ ධර්මය මුණගැහුන කෙනා.
මුණනොගැහුන කෙනාට හිතන්න පුළුවන්ද? හිතන්න බෑ. එහෙනම් කෙනෙකුට හිතන්න පුළුවන්නම් උතුම් සඝ රුවන මට මුනගැහුනා කියල ඒ කොහොම කෙනාටද හිතන්න පුළුවන්? ඒ සඝ රුවන මුණගැහුන කෙනාට තමයි ඒ විදිහට හිතන්න පුළුවන් වෙන්නෙ. ඒක තව කෙනෙකුට බලහත්කාරයෙන් හිත තුළ ඇතිකරවන්න බෑ. සැබවින් ම තෙරුවන් මුණගැහුනනම් එයාට සිහිවෙනව "මට තෙරුවන් මුනගැහුනා" කියල.
දැන් බලන්න හීනයක් දැකපු කෙනෙක්, උදේට සිහිකරනවද නැද්ද මට හීනයක් පෙනුනා කියල. මේ වැඩක් නැති සිහිනයක් දැකපු කෙනාට ඒ සිහිනෙ සිහිවෙනව නම්, මේ ලෝකේ අතිශයින් බලසම්පන්න වූ, අතිශයින් දුර්ලභ වූ පරම ගම්භීර වූ ඒ තෙරුවන සිහිකරන්න එයාට තව කෙනෙක් බලකරන්න ඕනැද? ඒක සිහිවෙනව. ඒක ධර්මතාවයක්.
"බුදුරජාණන් වහන්සේ මුණගැහුනා, බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ලැබුනා" කියල යම් කෙනෙකුට හිතන්න පුළුවන්නම් ඇත්තෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ ගැන දැනගත්ත කෙනෙකුටයි. ධර්ම රත්නය මුණගැහුනා කියල හිතන්න පුළුවන්වෙන්නේ ඇත්තෙන්ම ධර්ම රත්නය මුණගැහුන කෙනෙකුටයි.
සඝ රුවන මුණගැහුනා කියල හිතන්න පුළුවන්වෙන්නේ ඇත්තෙන්ම මුනගැහුන කෙනෙකුටයි. මට තෙරුවන මුණගැහුනා කියල හිතන්න පුළුවන් වෙන්නෙ ඇත්තෙන්ම මුණගැහුන කෙනෙකුටයි. ඒක නොසිඳෙන සතුට උනන උල්පතක්. ඒ සතුට උනන උල්පත සිඳෙන් නෑ.

අසත්‍ය බැහැරකරමු - සත්‍යයට පැමිණෙමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
අපේ ජීවිතයට අදාළ දේවල් මොනවද? අපේ ජීවිතයට අදාළ දෙයක් තමයි ඉපදීම. ඉපදුණ කෙනාට ඊට පස්සෙ මොකද වෙන්නෙ? වයසට යාම සිද්ධවෙනව. එහෙනම් ඒකත් මේ ජීවිතයට අයිති දෙයක්. ඒ වගේම එයාට සිද්ධවෙන දෙයක් තමයි ලෙඩ වෙන එක, ඒ වගේම මරණයට පත්වීම. මේව මේ ජීවිතයට අයිතිය.
ඊළඟට ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය දේවල්වල්වලින් වෙන්වෙන්ට සිද්ධවීම. ඒකත් මේ ජීවිතයට අයිතියි. ඊළඟට අප්‍රිය පුද්ගලයන්, අප්‍රිය දේවල් සමඟ එකතුවෙන්ට සිද්ධවෙනව. ඒකත් මේ ජීවිතයට අයිතියි. ඊළඟට අපි කැමති දේවල් තියෙනව, අන්න ඒ කැමති දේවල් නොලැබීම තියෙනව. අන්න ඒ ස්වභාවයත් මේ ජීවිතයට අයිතියි. ඒ දේවල්වලින් බැහැර දෙයක් තව තියෙනවද ජීවිතේ? හොඳට බලන්න. ඒවයින් බැහැර දෙයක් මේ ජීවිතේ නෑ.
භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදෙන ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතුවීම, කැමති දේ නොලැබීම කියන ජීවිතයට සම්බන්ධ මේ දේවල්වල ස්වභාවය මොකක්ද? අන්න ඒ හැම දෙයක් ම දුකයි. ඒව දුකට අයිතියි. ඒවයින් දුක හදනව. දුක තුළ ම බැසගන්න දේවල්.
බලන්න එතකොට ජීවිතයට සම්බන්ධ යමක්ද තියන්නේ, ඒ සියලු දේ ම දුකටයි අයිති. මේ දුකට අයිති දේවල්, දුකට අයිති නෑ කියල යමෙකුට කියන්න පුළුවන්ද? හොඳට තේරුම්අරගෙන තමන්ගෙ ජීවිතයට සම්බන්ධ කරගෙන කල්පනා කරන්න. එතකොටයි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය පරම සත්‍යය යි කියල අපිට වැටහෙන්නෙ.
අපි විසින් අවබෝධකල යුත්තේ අන්න ඒ ධර්මයයි. ඒ පරම සත්‍යය අපි අවබෝධ කළොත් අපේ ජීවිතය තුළ තිබෙන අසත්‍යය බැහැරවෙලා යනව. අන්න එපමණකින්ම එයා ආරක්ෂිත කෙනෙක් බවට පත්වෙනව. අන්න එයාට පුළුවන්කම ලැබෙනව අඬන වැළපෙන ස්වභාවයෙන් නිදහස්වෙන්න, සුවපහසු ජීවිතය ඇතිකරගන්ට එයාට පුළුවන්කම තිබෙනව.
ඉපදීම දුකක් කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව. හොඳට කල්පනා කරල බලන්න ඉපදීම කියන සිද්ධිය දුකක් නෙවෙයි කියල නුවණ තියෙන කිසියම් ම කිසි කෙනෙකුට කරුණු සහිතව පෙන්වා දෙන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම තමයි ඉපදිච්ච කෙනා ට සිද්ධවෙන දේ තමයි, වයසට යන එක. ඒ වයසට යාමත් දුකක්.
ඒක සැපක් කියල කිසිකෙනෙකුට කියන්න බෑ. ඒ වගේම ඒ වයසට යාම, ජරාවට පත්වීම කියන එක දුක නෙවෙයි කියල මේ ලෝකේ කිසියම් ම කිසි කෙනෙකුට කරුණු සහිතව පෙන්වා දෙන්න බෑ. ඒ නිසා අපි ඉපදීමත් දුකක් කියල තේරුම්ගන්ට ඕනැ. වයසට යාමත් දුකක් කියල තේරුම්ගන්න ඕනැ. ඒ වගේම තමයි ලෙඩවීමත් දුකක්.
මේ ලෝකේ නුවණ තියෙන කිසිකෙනෙකුට ලෙඩවීම දුක නෙවෙයි කියල කියන්න බෑ. හොඳට කල්පනා කරල බලන්න. තමන්ගෙ ජීවිතයට ගලපාගෙන බලන්න. ඊළඟට බලන්න ප්‍රිය අයගෙන්, ප්‍රිය දේවල්වලින් වෙන්වීම දුකක් නෙවෙයි කියල නුවණ තියෙන කිසියම් ම කිසි කෙනෙකුට කරුණු සහිතව කියන්න බෑ. ඊළඟට බලන්න අප්‍රියයන් සමඟ එකතුවීම. ඒකත් දුකක් නෙවෙයි කියල නුවණ තියෙන කෙනෙකුට කරුණු සහිතව කියන්න බෑ.
එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් දුකක් කියල යමක් දේශනා කලානම් ඒක දුකක් ම යි. අපි අතීතයෙ ජීවත්වෙච්ච කෙනෙක් ගැන කල්පනා කළත් එයාටත් වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම මේ කියන දේවල් දුකක්ම යි. අනාගත ලෝකයේ ඉපදෙන යම් කෙනෙක් බැලුවොත් එයාටත් ඒක දුකක්මයි, වර්ථමානයේ මේ ලෝකයේ කොහේ කෙනෙක් හිටියත්, ඕනෑම කෙනෙකුගෙන් අහල බැලුවොත් එයාට ලෙඩවීම දුකද සැපද කියල, ඒ හැම දෙනාටම ඒක දුකක්.
ඒ් නිසා අපේ ජීවිතයට සම්බන්ධ මේ දුක කියන දේ අපි වටහාගන්න ඕනැ. දුකට අයිති දේ අපි තේරුම්ගන්ට ඕනැ. ඒක අපි පිළිගන්න ඕනැ. අන්න ඒ විදිහට අපි ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගත්තොත්, අපි මෙතෙක් කල් ජිවත්වුන අසත්‍යය බැහැරකරල සත්‍යය තුළට පැමින වාසය කලොත් අපිට ආරක්ෂාවක් තියෙනව. අන්න එයාට අඬන වැළපෙන ස්වභාවය නැතිකරගෙන සුවපහසුවෙන් වාසයකරන්න පුළුවන්කමක් තියෙනව.

Saturday, December 25, 2010
සමාව දීමට තරම් නිහතමානී වෙමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පිරිසක් එක්ක වාසය කරනකොට සමාව දෙන්ට පුළුවන් හිතක් ඇතිකරගන්ට. ඒ වගේම තමයි සමාව ගන්ට පුළුවන් හිතක් හදාගන්ටත් ඕනැ. කෙනෙකුට සමාව ඉල්ලන්ට පුළුවන් වෙන්ටත් ඕනැ. ඒ වගේම යම් කෙනෙක් සමාව ඉල්ලුවොත් සමාව දෙන්ටත් පුළුවන් හිතකුත් තියෙන්ට ඕනැ.
ඒ දෙකම තියෙන්නෙ මෘදු හිතක් තියෙනව නම්. මෘදු හිතක් තියෙන කෙනා, තමාගෙන් වරදක් වුනහම සමාව ඉල්ලනව, "මට සමාවෙන්න" කියනව. ඒ වගේම තමයි, යම් කෙනෙක් සමාව ඉල්ලුවොත් එයාට සමාව දෙනව මෘදු කෙනා, සත්පුරුෂ කෙනා.
අසත්පුරුෂ කෙනාගේ ස්වභාවය තමයි, වරදක් කලහම ඒ වරද කළා කියල දැන දැනත් සමාව ගන්න කැමති නෑ. ඒ වගේම තමයි යම් කෙනෙක් පුන පුනා සමාව ඉල්ලද්දීත් සමාව දෙන්ට කැමති නෑ. ඒ අසත්පුරුෂ භාවය.
බලන්න, මේ අසත්පුරුෂ ස්වභාවය නිසා වැනසිලා යන හැටි. ඇයි, සමාව ඉල්ලත්දීත් සමාව දෙන්ට කැමතිවෙන්නෙ නැත්තෙ? ඒ මහා ගුණය අඳූරන්නෙ නෑ.
ඒ සමාව ඉල්ලන කෙනා ලඟ මහා ගුණයක් තියෙනව ඒකයි සමාව ඉල්ලන්නෙ. එයා වරද පිළිගත්ත. මෘදු බවට පත්වුනා. මොලොක් බවට පත්වුනා. නිහතමානී බවට පත්වුනා. සමාව ඉල්ලනව කියන්නෙ ඒකනෙ.
සමාව ඉල්ලන කෙනා තුළ මෘදු බව තියෙනව. මෘදු මොලොක් බව තියෙනව. නිහතමානී බව තියෙනව, ඉවසීම තියෙනව. ගුණ ධර්ම ගොඩාක් සහිතව තමයි කෙනෙක් සමාව ඉල්ලන්නෙ.
නමුත් අසත්පුරුෂයාට ඒ ගුණ මාත්‍රයක් තේරුම්ගන්න බෑ. ඒ නිසා අපි කව්රුත් වරදක් වුනහම සමාව ඉල්ලන්න තරම් මෘදු හිතක් හදාගන්ට ඕනැ. ඒ වගේම තමයි යම් කෙනෙක් සමාව ඉල්ලුවොත් සමාව දෙන්ටත් අපි ලඟ ගුණවත් හිතක් තියෙන්ට ඕනැ.

අනිත්‍යය ධර්මය වටහා ගනිමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, "පින්වත් මහණෙනි, මේ ඇස කියන්නෙ අනිත්‍ය දෙයක්. වෙනස්වෙන දෙයක්, අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණ කියන්නෙ වෙනස්වෙන දෙයක්, අනිත්‍ය දෙයක්, අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්.
නාසය කියන්නෙ අනිත්‍ය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්. දිව කියන්නෙ අනිත්‍ය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍ය ස්වභාවකට පත්වෙන දෙයක්. කය කියන්නෙ අනිත්‍ය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්.
සිත කියන්නෙ අනිත්‍ය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්" කියල. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා, "පින්වත් මහණෙනි මෙන්න මේ ධර්මය යම් කෙනෙක් ඔය ආකාරයට ම ශ්‍රද්ධාවෙන් අදහාගත්තොත්, ශ්‍රද්ධාවෙන් බැසගත්තොත්, අන්න එයාට කියනව සද්ධානුසාරී කෙනා කියල. එයාට කියනවා පෘතජ්ජන භූමිය ඉක්මවු කෙනා කියල. එයාට කියනවා සත්පුරුෂ භූමියට පැමිණුන කෙනා කියල.
එතකොට එයා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, "පින්වත් මහණෙනි, මෙන්න මේ කෙනා අතින් සතර අපායෙ වැටෙන යම් කර්ම තියෙනව නම්, අන්න එබඳූ කර්ම සිදුවීම අභව්‍යයයි.
එයා අතින් සිද්ධවෙන්නෙ නෑ" කියල කියනව. ඒ වගේම තමයි, එයා සෝතාපන්න නොවී කළුරිය කරන්නෙත් නෑ කියල කියනව. ඒ කොහොම කෙනාද? ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන අනිත්‍යයි කියල තේරුම්ගත්ත කෙනා, අනිත්‍යයි කියල අදහාගත්ත කෙනා. මේ ආයතන හය අනිත්‍යයයි, වෙනස්වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙවල් කියල ශ්‍රද්ධාවෙන් අදහගත්ත නම්, ආන්න එයාට කියන්නෙ සද්ධානුසාරී කෙනා කියල.
එයා අසත්පුරුෂ භූමිය ඉක්මවල ගිහිල්ල තියෙන්නෙ. සත්පුරුෂ භූමියට පැමිණිලා. සතර අපාය වැටෙන යම් කර්ම තියෙනව නම්, එවැනි කර්ම එයා අතින් සිද්ධවෙන්නෙ නෑ. ඒ වගේම තමයි, සෝතාපන්න නොවී කළුරිය කිරීමක් සිද්ධවෙන්නෙත් නෑ. මැරෙන්න මොහොතක් තියා හරි එයා සෝතාපන්න වෙනව.
එතකොට එයාට සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාවක් ලැබිලද? නැද්ද? සතර අපායෙන් නිදහස්වීමට අවස්ථාවක් එයාට ඉපදිලා නේද? අපි මේ ධර්මයට පිවිසිය යුත්තේ එතනින් නේද? දැන් අපිට කල්පනා කරන්ට අවස්ථාවක් තියෙනවා. අපි මේ ධර්මයේ හැසිරෙනවා කියල කුමක්ද කල යුත්තේ? දැන් අපි පොත පත බලනව, දේශනා අහනව, බණ භාවනා කරනව, වත් පිළිවෙත් කරනව, ධර්ම කතාව කරනව, පාඩම් කරනව. මේ නොයෙකුත් දේවල් අපි කරනව, ධර්මය හැසිරෙනවා කියල.
මේ සියලු කටයුතුවලින් කුමක් උදෙසාද අපි මේ ධර්මයේ හැසිරෙන්නෙ? අනිත්‍ය තේරුම්ගැනීම පිණිස. අනිත්‍ය කියන ධර්මතාවය වටහාගැනීම පිණිසයි ධර්මයේ හැසිරෙන්නෙ. අනිත්‍ය කියන ධර්මය අපි අවබෝධ නොකර මේ ධර්මයෙන් අංශු මාත්‍රයකවත් ප්‍රයෝජනයක් ගන්න බෑ. මේ ධර්මය මුළුමණින්ම තියෙන්නෙ අනිත්‍යය කියන ධර්මය තේරුම්ගැනීම පිණිස.
අනිත්‍යය කියන ධර්මතාවය අපි තේරුම්ගත්තොත් මේ ධර්මයෙන් පරිපූර්ණ වූ ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. මේ ධර්මයෙන් අපිට අත්කරගන්ට තියෙන පරිපූර්ණ වූ ප්‍රයෝජනය මොකක්ද? දුකෙන් නිදහස්වීම. නිවන අවබෝධකිරීම. එතකොට දුකෙන් නිදහස්වීමත්, නිවන අවබෝධවීමත් සිදුවෙන්නේ, අනිත්‍යය කියන ධර්මතාවය තේරුම්ගැනීමෙන්.
අනිත්‍ය තේරුම්ගන්නෙ නැති කෙනාට දුකේ නිදහස්වීමක්, නිවන අවබෝධකිරීමක් නෑ. ඒ නිසා අපි ආරම්භයේදී ම අනිත්‍යය කියන ධර්මතාවය පිළිගන්න ඕනැ. ඒකයි මේ ඇස අනිත්‍යයි, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියන මේ ධර්මතාවය ශ්‍රද්ධාවෙන් අදහාගන්න කෙනා සද්ධානුසාරී කෙනා බවට පත්වෙනව.
භාග්‍යවතුන් වහන්සේ යමක් අනිත්‍යයයි කියල දේශනාකලා නම්, අන්න ඒ අනිත්‍යයි කියල අපිට පෙන්වා දුන් ඒ ධර්මය යම් කෙනෙක් අදහාගත්තොත්, ශ්‍රද්ධාවෙන් පිළිගත්තොත් එපමණකින් ම එයා නිවන් මගට බැසගත්කෙනා බවට පත්වෙනව. ශ්‍රද්ධාවෙන් අදහාගත යුත්තේ. ඒ

ජීවිතේ ඇත්ත තේරුම් ගනිමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
යම් කෙනෙක් ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම් නොගෙන සිටින තාක්, එයාට අකුසල් දුරුකරගන්ටත්, කුසල් දියුණුකරගන්ටත් සැලසෙන්නෙ නෑ. ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගත්තොත් එයාට කුසල් දියුණුකරගන්ටත්, අකුසල් දුරුකරගන්ටත් අවස්ථාව උදාවෙනව.
ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගන්නව කියන එක ගොඩාක් අමාරුයි. ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගැනීම පිණිස උපකාරවෙන වැදගත් ම කාරණය මොකක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය. ඒ ධර්මය අදහාගැනීම. එහෙම නැත්නම් ඒ ධර්මය කෙරෙහි පැහැදීම, ශ්‍රද්ධාව. ඒක තමයි ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගන්න වුවමනා කරන්නේ.
අපිට ගොඩාක් පාඩම් තිබුණත්, කොච්චර දේශනා කියවල තිබුණත්, එපමණකින් ම ජීවිතේ ඇත්ත ස්වභාවය වැටහෙන්නෙ නෑ. අපි යම් ධර්මයක් කියවල හෝ අහල හෝ තියෙනව නම්, ඒ ඇසූ හෝ කියවා තිබෙන ධර්මය පිළිගත්තනම්, ඒ ධර්මය අදහා ගත්තනම්, එපමණකින් ම එයාට ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගන්න පුළුවන් වෙනව. අපි පොත පත බැලූ පමණින් ජීවිතේ ඇත්ත ස්වභාවය තේරෙන්නේ නෑ.
ධර්මය කෙරෙහි විශ්වාසයකට එනවනම් අපිට අර්බුධ තියෙයිද? අර්බුධ දුරුවෙයිද? ප්‍රශ්ණ නිරවුල්වෙන්ට පටන්ගන්නව නේද? දැන් හොඳට බලන්න මේ ජීවිතේ ප්‍රශ්ණ අර්බුධ ඇතිවෙලාද, අඩුවෙලාද? හොඳට බලන්න තම තමන්ගෙ ජීවිත දිහා. කලින් නොතිබූ ප්‍රශ්ණ ඇතිවෙලා.
එතකොට තේරෙන දෙයක් තමයි ධර්මය කෙරෙහි හොඳ විශ්වාසයකට ආවනම්, නිරවුල් බවකට ආවනම්, එහෙම නැත්නම් ඒ ධර්මය අදහාගත්තා නම්, එයාට ප්‍රශ්ණ අලුතින් හටගන්න හේතුවක් නෑ. එතකොට පරණ ප්‍රශ්නෙ විතරයි තියෙන්නෙ. මොකක්ද තියෙන ප්‍රශ්නෙ? රාග, ද්වේෂ, මෝහ. ආයෙ ඉපදි ඉපදි මැරි මැරී යන එක. ඒක මොකක් මුල්කරගෙනද තියෙන්නෙ? රාග, ද්වේෂ, මෝහ මුල්කරගෙනයි.
ඒක නේද අර්බුධය. අලුතින් අර්බුධ හටගන්න පුළුවන්ද අපිට. අලුත් අර්බුධ නෑ. මේ රාග ද්වේෂ මෝහ මුල්කරගෙන හටගන්නා වූ දේ තමයි තියෙන්නෙ. ඉතින් අපිට ධර්මය කෙරෙහි හොඳ විශ්වාසයකට ආවොත්, මේ අර්බුධය විසෙඳන්ට පටන්ගන්නවද නැද්ද? පටන්ගන්නව. එහෙනම් අපි විසින් කලයුතු එක ම දේ තමයි ධර්මය ඉගෙනගනිමින් ඒ ඉගෙනගන්න ධර්මය කෙරෙහි බලවත් පැහැදීමක් ඇතිකරගන්ට වෑයම් කිරීම, කැමැත්ත උපදවා ගැනීම, ඒ දහම අදහාගැනීම.
එපමණකින් ම එයාට ජීවිතය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකගැනීමේ හැකියාව උපදිනව. අන්න එපමණකින්ම කුසල් දියුණුකරගන්ටත්, ඒ උපදවගත්ත කුසල් වැඩිදියුණු කරගන්ටත්, නොනැසී පවත්වගන්ටත් හැකියාව උපදිනව. ඒ වගේම අකුසල් අඳූනගෙන, අකුසල් දුරුකරගැනීමට හැකියාව උපදිනව, ඒ ධර්මය අදහාගැනීමෙන් ම. ධර්මය අදහාගැනීමෙන් ජීවිතේ පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකගන්ට අපිට හැකියාව උපදිනව. අන්න ඒ හැකියාව මුල්කරගෙන අකුසල් දුරුකරගන්ටත් කුසල් උපදවගන්ටත් අවස්ථාව උපදිනව.

රාග ගින්නෙන් නිදහස්වෙමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
යම් කෙනෙකුගෙ හිත රාගයෙන් වෙලාගත්තා ම එයාට තමන්ගේ යහපත පිණිස හිතන්නත් බෑ. අනුන්ගෙ යහපත පිණිස හිතන්නත් බෑ. දෙපැත්තට ම යහපත පිණිස හිතන්න එයාට බෑ. නමුත් රාගය දුරුවුනහම, ම තමන්ට යහපත පිණිසත් හිතන්ට එයාට පුළුවන්. අනුන්ට යහපත පිණිස හිතන්නත් එයාට පුළුවන්.
ඒ දෙපැත්තටම යහපත පිණිස හිතන්න එයාට පුළුවන්. ප්‍රහාණය වුනහ ඒ වගේම තමයි, හිත රාගයෙන් යටවුනහ ම, රාගයෙන් වෙලාගත්තහ ම එයා කායිකව දුෂ්චරිතයේ යෙදෙනව, වාචසික දුෂ්චරිතයෙත් යෙදෙනව, මානසික දුශ්චරිතයෙත් යෙදෙනව. නමුත් රාගය ප්‍රහාණය වුනහම එයා කායික දුශ්චරිතයේ යෙදෙන්නෙ නෑ, මානසික දුශ්චරිතයේ යෙදෙන්නෙත් නෑ, වාචසික දුශ්චරිතයෙ යෙදෙන්නෙත් නෑ.
නමුත් රාගය ප්‍රහාණය කරපු කෙනා, රාගය දුරු කරපු කෙනා සුචරිතය මේකයි, දුශ්චරිතය මේකයි කියල දන්නව. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ හැරුනුවිට රාග, ද්වේශ, මෝහ වල ස්වභාවය අපිට වෙන දිහාකින් ඉගෙනගන්න පුළුවන්ද? බෑ. මේ දේශනාවල් ඉගෙනගෙන එයා පිළිගත්තොත්, එයා මේ කාරණාව අදහාගත්තොත් එයා යම් පැහැදීමකට එනව.
අපේ හිතට රාගය ආපුවාම හිත ගිනිගන්නව යටවනව, ඒ වෙලාවට තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හිතන්න තේරෙන්නෙ නෑ. එයාට කායික දුෂ්චරිතය, වාචසික දුශ්චරිතය, මානසික දුශ්චරිතය තෝර බේරගන්ට බෑ. සුචරිතය තෝරබේර ගන්ට බෑ. තමන් තුළ සිදුවෙන මේ ස්වභාවය එයාට තේරුනොත් එහෙම, එයා ඉගෙන ගත්ත ධර්මය කෙරෙහි පහදීද, නැද්ද? පහදිනව.
දැන් මේ ධර්මයන් තෝර බේරගෙන හිටියෙ නැත්නම්, අදහගෙන හිටියෙ නැත්නම්, මොකද වෙන්නෙ? එයා රාගය ඇවිල්ල හිත ගිනිගන්නවා එක. එතකොට තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හිතන්න බැරිවෙනවා, රාගයට හිත යටවෙන එක අමුතු දෙයක්ද? ස්වභාවයද? ඒ රාගයේ ස්වභාවය. ඇත්ත ස්වභාවය. මෙබඳූ ස්වභාවයක් තියෙන නිසා තමයි රාගයෙන් නිදහස්වෙන්ට කියල අපිට පෙන්වා දෙන්නෙ. මේ රාගයේ මෙබඳූ ආදීනවයක් තිබෙන නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් රාගයේ ප්‍රහාණය පනවන්නෙ.
රාගයේ මෙබදු ආදීනවයක් නැත්නම්, ද්වේෂයේ මෙබඳූ ආදීනවයක් නැත්නම්, මෝහයේ මෙබඳූ ආදීනවයක් නැත්නම් රාග, ද්වේෂ, මෝහවල ප්‍රහාණය පනවන්ට වුවමනා කරන්නෙ නෑ. මේ ආදීනවය තියෙන නිසා තමයි රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්ට කියල භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මේ රාග, ද්වේෂ, මෝහ වල ස්වභාවය පිළිගන්න, තේරුම්ගන්න. ඒක තේරුම්ගන්නෙත්, පිළිගන්නෙත් මේ ධර්මයේ කියා තියෙන දේ අහල, එහෙම නැත්නම් කියවල ඒක ඇත්තයි පිළිගත්තොත්. එතොකට ඒක අපේ දැනුමක්.
ඒ දැනුම කුමක් මුල්කරගෙනද ඇතිවුනේ? ශ්‍රද්ධාව මුල්කරගෙන. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගැනීමෙන් තමයි අපිට ඒ දැනුම ආවෙ. අන්න ඒ දැනගත්ත ධර්මය යම් දවසක අපිට දකින්න පුළුවන් පොඩිකාලේ අම්ම තාත්ත කියනව, "දරුවො ගින්දර අල්ලන්න එපා, පිච්චෙනව" කියල. "ලාම්පුව අල්ලන්න එපා පිච්චෙනව" කියනව. ඉතින් මේ දරුව ඒක පිළිගන්නෙ නෑ.
හැබැයි එයාට පිච්චෙනව කියල යම්තම් මතකයක් තියෙන්න පුළුවන්. එයා ගිහිල්ල ලාම්පුවට අත තියෙනව. එතකොට පිච්චෙනව. එතකොට එයා කලින් දැනගෙන හිටපු එක දකින්න පුළුවන්වෙනව. නේද? එදාට එයා තේරුම්ගන්නව අම්ම ඇත්තයි කිව්වෙ කියල. ඊට පස්සෙ අම්ම යමක් කිව්වොත් එහෙම එයා පිළිගන්නව. "එදා අම්ම කිව්ව ගින්දර අල්ලන්න එපා කියල. මම ගිහිල්ල ඇල්ලුව, පිච්චුනා. මීට පස්සෙනම් අම්ම එපා කිව්ව එකක් මම කරන්නෙ නෑ" කියල එයා පිළිගන්නව.
එතකොට අම්ම කෙරෙහි විශ්වාසය වැඩිවුනාද? අඩුවුනාද? ඒ විශ්වාසය වැඩිවුනේ කුමක් මුල්කරගෙනද? එදා දැන ගත්ත දේ දැක්කට පස්සෙ. කියනකොට දැනගත්ත. ඒක සිද්ධවුනාට පස්සෙ දැක ගත්ත කාරණාව. "අම්ම එපා කිව්වොත් මම ආයෙ කරන්නෙ නෑ" කියල නුවණ තියෙන දරුව අන්න ඒ වගේමයි නුවණ තියෙන ශ්‍රාවකයා මේ ධර්මය අදහාගන්නව. අදහාගෙන තමා තුළ ඒක හටගන්නකොට ඒ අදහාගැනීම බලවත් වෙනව. ධර්මය දැකගන්නව. වැටහුණා නේද? එයා කලන්තෙ දාන්නෙ නෑ.
එයා සතුටට පත්වෙනව, " මේ ධර්මය ඇහුවෙ නැත්නම් මට මේක දැක ගන්ට ලැබෙන්නෙ නෑ. එහෙම නොවුනනම් මට කවදාවත් මේකෙන් නිදහස්වීමක් ගැන හිතාගන්නවත් බෑ. එහෙනම් මම මේ ගින්නෙ පිච්චි පිච්චිම වැනසෙනව නේද?" කියල එයා කල්පනා කරනව. එතකොට එයා ඒ ධර්මය කෙරෙහිත්, ධර්මය කියා දුන් අය කෙරෙහිත් පහදිනව.

තිසරණය තුළ ස්ථාවර වෙමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
අපි දුක ගැන හොඳ වැටහීමක් උපදවගත්තොත්, ඒ දුක මගෙ ජීවිතයට අදාලයි කියල තේරුම්ගත්තොත්, එයා ඒ දුකට අකමැතිවෙනව. අන්න එයා කැමතියි, ඒ දුකෙන් නිදහස්වෙන්ට. ඒකට තමයි ඡන්දය කියල කියන්නෙ. දුකෙන් නිදහස්වෙන්ට ඕනෑ කියන එකයි ඡන්දය කියල කියන්නෙ.
තේරුම්ගත්තෙ කොහොමද? "ඒ දුක තමන්ට අයිති දෙයක්. තමන්ට විඳින්ට තියෙන දෙයක්. ඒකෙන් පැනල යාමක් නෑ. විඳින්ට සිද්ධවෙනවා" කියල තේරුම් ගැනීමෙන්. ඒක ඒකාන්ත වශයෙන් දුකක් කියල තේරුම්ගන්න කෙනා ඒ දුක විඳින්ට කැමතිවෙන්නෙ නෑ. ඒ ඡන්දය ඉපදුනේ, දුක තේරුම්ගැනීමෙන්.
දුක ඒ විදිහට ඒකාන්ත වශයෙන් මේක දුකක් කියල තේරුම්ගන්නෙ කොහොම කෙනාද? ආර්ය සත්‍යය නුවණින් තේරුම්ගන්න පුළුවන් කෙනා. ආර්ය සත්‍යය අහල ඒ කෙරෙහි පැහැදීම උපදවගෙන සිහිකරන කෙනා. ආර්ය සත්‍යය තමන්ගෙ ජීවිතයට ගළප පළපා බලන කෙනා තමයි දුක තේරුම්ගන්නෙ.
අන්න එයා දුකේ වැටෙන්ට කැමති වෙන්නෙ නෑ. එයා ඒකාන්ත වශයෙන් ම "දුකෙන් නිදහස්විය යුතුයි" කියන කැමැත්ත උපදවගන්නව. ඒකට භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නෙ ඡන්දය කියල. ඒ දුකෙන් නිදහස්වීම සිද්ධවෙන්නේ කොතනදීද? භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව, "ජාති පච්චයා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස" මේ ආදී වශයෙන් ඉපදීම නිසා දුක හටගන්න බවත් ඒ වගේම ඉපදීම නිරුද්ධවීමෙන් දුක නිරුද්ධවෙනබවත් භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව.
දැන් බලන්න දුක ගැන තේරුම්ගත්ත කෙනා, දුකේ නිරුද්ධවීම ගැන තේරුම්ගත්ත කෙනා, දුකට අකමැති වෙලා දුක් නිරෝධයට කැමතිවෙනව. දැන් එහෙනම් එයා කැමතිවෙන්නෙ මොකටද ඒ? ඉපදීමෙන් නිදහස්වෙන්ටයි එයා කැමතිවෙන්නෙ. ඉපදීම නිරුද්ධවීමටයි එයා කැමතිවෙන්නෙ. ඉපදීම නිරුද්ධවෙන්නේ අරහත්වයට පත්වෙනකොටයි. එහෙනම් ඉපදීම නිරුද්ධවෙන්නේ රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන් ක්ෂය වුනහම, තණ්හාව ක්ෂය වුනහ ම.
ඉතින් ඒ විදිහට තේරුම්ගන්න කෙනා තණ්හාව සම්පූර්ණයෙන් Cෂය කරගන්න කැමතිවෙනව. අන්න ඒ විදිහට ඉපදීම නිරුද්ධකරගන්ට, එහෙම නැත්නම් තන්හාව Cෂය කරගන්ට, රාග, ද්වේෂ, මෝහ දුරුකරගන්ට කැමැත්ත ඉපදුණ කෙනා තණ්හාව Cෂය වෙන මග පුරුදුකරගන්න කැමතියි. ඒ සඳහා එයා වීරිය කරනව.
වීරිය නොකර නිවන් මගට එන්ට බෑ. එයා වීරිය උපදවාගන්නව. ඒ විදිහට කැමතිවුන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදුකරගන්න කැමතියි. ඒ විදිහට අපි තමන්ගෙ ජීවිතය ගැනම විමස විමසා බලනව නම්, යම් කැළඹිලි ස්වභාවයන් තියෙනව නම් ඒවා Cෂය වෙනව. ඒ නිසා කවුරුත් ආර්ය සත්‍යය ඉගෙනගෙන, ආර්ය සත්‍යය ජීවිතයට ගළපමින්, තමාගේ ජීවිතය තේරුම්ගන්න බලන්න.
එතකොට තේරෙයි අපි සසරේ අසරණ ස්වභාවයට වැටිල ඉන්නෙ කියල. වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතුවීම, කැමති දේ නොලැබීම මේ ආදී දුකට අයිති දේවල් හොඳට තේරුම් අරගන්න.
"තමන්ගෙ ජීවිතය පුරාවට තිබෙන්නෙ මේ දුකට අයිති දේවල් නේද? එයින් බැහැර තැනක මගේ ජීවිතය නෑ නේද" කියල යමෙකුට කල්පනා වුනොත්, තේරුනොත්, එයාට හිතෙයි "මා සසරේ මොනතරම් අසරණ කෙනෙක්ද? මේ සංසාරේ මම කොයිතරම් අසරණවද ආවේ" කියල තේරෙයි.
මේ ධර්මය ඇහුවෙ නැත්නම්, මට මේ අසරණභාවය තුළම ඉන්ට වෙනවා කියල එයාට තේරෙයි. එතකොට තේරෙයි "බුදුරජාණන් වහන්සේ මුණගැහීමෙන් මගේ අසරණ බව තේරුමගන්න පුළුවන් වුනා නේද?" කියල. එහෙනම් "බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් නෑනෙ" කියල එයාට තේරෙයි.
"මේ සද්ධර්මය මුණ නොගැහුනානම්, මට සරණක් නෑ, මම අසරණයි" කියල එයාට තේරෙයි. එහෙනම් එයා තේරුම්ගන්නව, "ධර්මයේ සරණ හැර මට සරණක් නෑනෙ" කියල.
"මේ ධර්මය පුරුදුකරන්නා වූ සඝරුවනේ සරණ හැර මට සරණක් නෑනෙ" කියල එයාට තේරෙයි. අන්න එසේ තේරුම්ගන්න කෙනාට තෙරුවන් සරණ තියෙනව. එයා තිසරණය අතහරින්නෙ නෑ. එතකොට බලන්න මේ විදිහට ධර්මය ජීවිතයට ගලපනවනම්, එයා තෙරුවන් කෙරෙහි නැඹුරු වූ සිතින් නේද ඉන්නෙ? ඒ විදිහට වාසය කරන අය ඉතා ම සුව පහසු හිතක් උපදවගනිමින් ඉන්නෙ. ඒ අය පීඩා කරන සිත ටික ටික දුරුකරමින් ඉන්නෙ.
ධර්මයට නැඹුරු වූ සිතින් ඉන්නෙ. ඒකයි සරණක් තියෙනවා කියල කියන්නෙ. එහෙම නැති තැන තියෙන්නේ පීඩාවන්, අසරණකමක් විතරයි. එයාට ගැලවෙන්න බෑ.
හිතේ පීඩා එනවනම් එයාට සරණක් නෑ නේද? අසරණයි නේද එයා? ගැළවීමක් නෑ. එහෙනම් ඒ හිත සුවපත්බවට පත්කරගන්නේ, බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ කෙනා, ධර්මයේ සරණ ලැබූ කෙනා, සඝ රුවනේ සරණ ලැබූ කෙනා.
එකට තමයි තෙරුවන් සරණ ලැබුවා කියල කියන්නෙ.
ඒ නිසා අපිට මුණගැහුන, අපිට තේරුම්ගන්න පුළුවන්වුණ, තිසරණය, ජීවිතයට හොඳට සම්බන්ධකරගෙන, ස්ථිර විදිහට තිසරණය තුළ පිහිටා සිටින්ට අපි කව්රුත් උත්සාහවත් විය යුතුයි.

දුක් පීඩාවන්ට යටනොවී සිටිමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
සිත්වල යම් යම් අපහසුකම් එන්න පුළුවන්. ඒකට යට නොවී ඉන්ට අපි පුරුදුවෙන්ට ඕනැ. හිතේ එන අපහසුතාවලට යට නොවී ඉඳීම ම තමයි ධර්මය පුරුදුකරනවා කියල කියන්නෙ. වෙන අද්භූත දෙයක් නෙවෙයි. හිතේ යම් අපහසුතාවයක් එනකොට ඒකට යටවෙලා පීඩා විඳිමින් ඉන්නවා නම්, එතන ධර්මය පුරුදුකිරීමක් නෑ.
හිතට යම් අපහසුවක් ආවොත් ඒකට යටනොවී, ඒක බැහැර කරගන්ට උනන්දු වෙනවානම්, ඒක තමයි ධර්මය පුරුදුකරනවා කියල කියන්නෙ. එතකොට අපි ඒ විදිහට කටයුතු කරන්ට නම්, අපිට විශ්වාසයක් තියෙන්ට ඕනැ, "හිතේ හටගත් ඒ අපහසුව හටගත් එකක්, ඒක වෙනස්වෙලා නැතිවෙලා යන එකක්" කියල.
අන්න එතකොට එයා ඒ අපහසුව අයින් කරගන්ට, නැතිකරගන්ට උත්සාහ කරනව. ඒ උත්සාහ කරද්දීත් එයාට බැරිනම්, උත්සාහ කරන්ට තේරෙන්නෙත් නැත්නම්, එයා ඉවසගෙන පාඩුවෙ ඉන්නව. ඇයි එයා දන්නව "මේක හටගත්ත එකක්, මේක නැතිවෙනව". අන්න ඒ වගේ වැටහීමක් තියෙනව නම් එයා ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක්.
නමුත් හිතේ යම් අපහසුවක් ආපුවා ම ඒකට යටවෙලා, බයවෙලා, තමන්ට හානි කරගන්නවනම්, එයාට ධර්මය ගැන පොඩි හෝ වැටහීමක් තියෙනව කියල කියන්ට බෑ. තමාගේ හිත තමාමයි සකස්කරගත යුත්තේ. යම් යම් අවස්ථාවලදී අකුසල් ඇවිඳින් අපේ සිත තුළ යම් යම් පීඩා ස්වභාවයන් ඇතිකරන්ට පුළුවන්.
අන්න එතකොට අපි ඒ අකුසලයට යටනොවී, ඒක බැහැරකරන්ට කටයුතුකරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නෙ වීරියවන්තයින් ගොඩනගන විදිහක්, අඬන අය නොවෙයි. අඬන ස්වභාවය නැති කරන එකක්.
මේ ධර්මය තුළ අපිට කියා දෙන්නෙ හැංඟිලා ඉන්න ස්වභාවයක්ද? පිරිසක් එක්ක සුවපහසුවෙන් ඉන්න විදිහක් අපිට කියා දෙන්නෙ. ඒ නිසා අපි මේ ධර්මයේ තිබෙන මහා යහපත, ලාභය තේරුම්ගන්න ඕනැ. තේරුම්අරගෙන ඒ ධර්මයේ තිබෙන යහපත අපි ඇතිකරගන්න මහන්සිවෙන්ට ඕනැ.
ධර්මයෙන් අපිට තිබෙන ලොකු ම යහපත තමයි, අපිට සුවපහසු ජීවිතයක් උපදවගන්න පුළුවන්කම. ඒකටනෙ අපි වෑයම් කරන්නෙ. සාමාන්‍ය මනුෂ්‍යයා කනව, බොනව ඔක්කොම දේවල් කරන්නෙ සුවපහසුව සඳහා. අපි සාමාන්‍ය මනුෂ්‍යයා කරන දේට වඩා දෙයක් කරන්ට කල්පනා කරනව. මොකක්ද එA? හිත සුවපහසුවට පත්කරගන්ට ධර්මය පුරුදුකරනව.
එහෙම කරන්ට පුළුවන්කම තියෙන්නේ, හිතේ එන අපහසුකමට යටවෙන්නෙ නැතිව ඉන්න උත්සාහ කිරීමෙන්. හිතේ එන අපහසුවට යටනොවී ඉන්ට පුළුවන්කම තියෙන්නෙ, "ඒ අපහසුව අනිත්‍යය එකක්, නැතිවෙලා යන දෙයක්, හටගත්ත දෙයක්, හටගත්ත දේ නැතිවෙනවා කියල දන්න කෙනාට පමණයි.
ඒක නේද දහම් දැනුම කියල කියන්නෙ? ඒක නේද ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය කියල කියන්නෙ? එහෙම නැත්නම් පුංචි අපහසුවක් ආපුවා ම කලෙන්තෙ දාන එකයි, අපහසුව ගියායින් පස්සෙ ආයෙත් ආඩම්බරෙන් ඉන්න එක ද ධර්මයේ ඉන්නවා කියල කියන්නෙ? ඒ දෙකම තියෙන්නේ ධර්මයෙන් ගොඩාක් ඈත.
පුංචි තියා ලොකු අපහසුවක් ආවත්, ඒ අපහසුවට යට නොවී ඉන්නවා නම්, "ඒක නැතිවෙලා යන එකක්" කියන වැටහීමෙන් යුක්තව, ඒක නැතිකරගැනීම පිණිස කටයුතු කරනවා නම්, උපක්‍රමශීලීව කටයුතු කරනවානම්, එතනයි ධර්මය දන්නා බව තියෙන්නෙ.
ඒ වගේ තමාගේ හිතට පීඩාවෙන් ගලවගන්න මහන්සිවෙන කෙනා, අකුසලයක් ඇවිඳින් හිත පීඩා නොකරන වෙලාවල් වලට ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නව දැන් මෙහෙම හිටියට මේ හිතට අපහසුවක් අපුවා ම යටවෙනව. "මේ හිතේ අකුසල් තියෙනව" කියල එයාට අවංකව තමන්ගැන වැටහීමක් තියෙනව.
එයා දන්නව, ඒ වගේම එයා කල්පනා කරනව, මේ හිත පොඩ්ඩ ඇත්නම් මට පීඩාවක් ඇතිකරන එකක්. මේ හිතේ රාගය ඇවිල්ල මාව පීඩාවට පත්වෙනව. මේ හිතේ ද්වේෂය ඇවිල්ල මාව පීඩාවට පත්වෙනව. මේ හිතේ මෝහය ඇවිල්ල මාව පීඩාවට පත්වෙනව. ඒ නිසා මගේ හිත කෙලෙස් සහිත හිතක්.
මේ හිත පිරිසිඳූ කරගත යුතු එකක් කියල. ඒ නිසා අඩම්බරය ගෙවිල යනව ටික ටික. ආඬම්බර වෙන්න දෙයක් නෑ එයාට. ඒ නිසා ඒ තමන්ගෙ හිතේ ස්වභාවය තේරුම්ගන්න. තේරුම් අරගෙන මේ හිතේ එන අපහසුකම් බැහැරකරගැනීම පිණිස ධර්මයට අනුව කල්පනා කරන්න. හිතේ යම් යම් අපහපුකම් එන්න පුළුවන්.
ඒවට කලබල වෙලා තමන්ගෙ ජීවිතය නාස්තිකරගන්ට එපා. මේ ධර්මයේ තිබෙන යහපත, ලාභය අපි තේරුම්අරගෙන, ඒ ධර්මයෙන් තිබෙන යහපත ඇතිකරගන්ට අපි මහන්සිවෙන්ට ඕනැ.

හඬන වැළපෙන ලෝකයෙන් නිදහස්වෙමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
පින්වතුනි පරම සත්‍යය අවබෝධ කරන කෙනාට, අසත්‍ය බැහැර කරගන්ට පුළුවන්. අසත්‍ය බැහැර කරගන්න කෙනාට, අසත්‍යය මත පිහිටා සිටීමෙන් ඉපදෙන දේවල් බැහැරකරගන්න පුළුවන්කම තියෙනව.
අසත්‍යය මත පිහිටා ඉන්න කෙනාට මොකක්ද සිද්ධ වෙන්නෙ? එයාට අනතුරු බහුලයි, උපද්‍රව බහුලයි. එතකොට අසත්‍යය බැහැර කල කෙනාට අනතුරු බැහැරවෙනව.
අනතුරු බැහැරවෙන කෙනාට ලැබෙන ලාභය මොකක්ද? එයා නිරුපද්‍රිතයි ආරක්ෂිතයි. එයා රැ කවරණයක් තුළ ඉන්නව. ආරක්ෂාවක් තුළ ඉන්නව.
ආරක්ෂාවක් තුළ නැතිකෙනා අනාරක්ෂිතයි, අනතුරු සහිතයි. අනතුරු සහිත කෙනාට මොනවද ලැබෙන්නෙ? අනතුරු සහිතව ඉන්න කෙනාට ලැබෙන දේ තමයි අඬන එක, වැළපෙන එක, සෝක කරන එක, තැති ගන්න එක, භය. එතකොට අනතුරින් නිදහස්වෙන කෙනා ආරක්ෂිතයි. ආරක්ෂාවක් තුළ ඉන්න කෙනා තුළ භය, සැක, අඬන, වැළපෙන, සෝක කරන ගතිය, සුසුම් හෙළන ස්වභාවය නෑ.
එයාට පුළුවන්කම තියෙනවා සැනසිල්ල උදාකරගෙන පරම ශාන්තියට පත්වෙන්ට. හොඳට කල්පනා කරල බලන්න, අඬන, වැළපෙන, සෝක කරන, සුසුම් හෙළන, කලන්තෙ දාන ගතියෙන් යුක්තවෙන එකද හොඳ ?, අඬන වැළපෙන ස්වභාවය දුරුකරල, ආයෙ හටගන්න බැරි විදිහට නිරුද්ධ කරල සෝක නොකරන ස්වභාවයෙන් වාසය කිරීමද හොඳ? නුවණ තියෙන ඕනෑම කෙනෙක්, ලොකු-කුඩා වේවා, උගත්-නූගත් වේවා, ධනවත්-දුප්පත් වේවා, බලයක් තියෙන වේවා-බලයක් නැති හෝ වේවා කුමන තරාතිරමක කෙනෙක්ගෙන් වේවා, ඇහුවොත් කොයි විදිහට ජීවත්වෙන්ටද කැමති කියල, එයා කැමති වෙන්නෙ නෑ අඬ අඬා, සෝක කර කර ඉන්න ක්‍රමයට.
එයා කැමතිවෙන්නෙ, අඬන- වැළපෙන, සෝක කරන ස්වභාවය නිරුද්ධවෙලා ගියපු ශාන්ත සුවපත් ජීවිතයකට. ඒ ශාන්ත ස්වභාවය, සුවපත් ජීවිතය උපදවගන්න නම් අපි තුළ මොකක්ද ඇතිවෙන්න ඕනැ. ඒ අනතුරු ස්වභාවයෙන් නිදහස්වෙන්ට නම්, අසත්‍යය බැහැරවෙන්න ඕනැ. අසත්‍යය බැහැරවෙන්නෙ සත්‍යය අවබෝධකරීමෙන්.
සත්‍යය අවබොධවෙන්නෙ කොහොම කෙනාටද? තෙරුවන්ගේ ගුණ දැනගෙන, ඒ තෙරුවන්ගේ ගුණ හොඳින් හඳූනාගෙන, තෙරුවන් කෙරෙහි පැහැදීම උපදවගන්න කෙනාට. ඒ නිසා අපි කව්රුත් තෙරුවන් ගුණ ඉගෙනගෙන, මේ ජීවිතය පෝෂණය කරගන්න, දියුණු කරගන්ට උත්සාහවත් වෙන්නට ඕනැ.
එහෙම නැත්නම් ඒ සඳහා වුවමනාව ඇති අය බවට පත්වෙන්න දක්ෂකම ඇතිකරගන්න ඕනැ. ඒ විදිහට අපි තෙරුවන් ගුණ ඉගෙන ගතAතොත් අපිට ලැබෙන ලාභය මොකක්ද? සත්‍යය අවබෝධකරන්න පුළුවන්කමක් තියෙනව. මොකකද අපි අවබෝධ කරගන්න පරම සත්‍යය? කුමක් ගැනද ඒ පරම සත්‍යය? ජීවිතය ගැන.
අපේ ජීවිතය ගැන ඇත්ත ඉගෙන ගන්න ඕනැ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න කෙනාට, ඒ ධර්මය ගැන දැනගන්න කෙනාට, සංඝ රත්නය ගැන දැනගන්න කෙනාට, ඒ තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතිකරගන්න කෙනාට පුළුවන්කමක් ලැබෙනව, තමාගේ ජීවිතයේ පරම සත්‍යය ඉගෙනගෙන, ඒ සත්‍යය අවබෝධකරගන්න.
අන්න එයාට මෙතෙක් හිතපු අසත්‍යය බැහැරකරල, ඒ දුක් දොම්නස් විඳින ස්වභාවය නිරුද්ධ කරල පරම සුවයට පත්වෙන් පුළුවන්කමක් තියෙනව. ඒ නිසා අපි මේ ලැබුණු දුර්ලභ ලාභය අත්කරගන්න කැමතිවෙන්න ඕනැ. එසේ කැමතිවෙන කෙනා තෙරුවන් ගුණ ඉගෙනගන්නව. තෙරුවන් ගුණ ඉගෙනගෙන, ඒ තෙරුවන් ගැන හොඳින් පැහැදීම ඇතිකරගන්නව.
යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙනගෙන, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙරෙහි පැහැදීමක් ඇතිකරගත්තොත්, එයාගේ හිතේ ප්‍රබෝධයක් ඇතිවෙනව, ඇතිවෙනව. ඒක ධර්මතාවයක්. අන්න ඒ විදිහට බුදුගුණ කෙරෙහි පැහැදෙන කෙනා කැමතිවෙනවා, ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගෙනගන්න.
ඒ ධර්මය ඉගෙනගන්න කොට එයාට ඒ ධර්මයේ ගුණත් තේරුම්ගන්න ලැබෙනව. අන්න ඒ විදිහට ධර්මයේ ගුණ ඉගෙන ගන්නකොට එයා ධර්මයටත් පහදිනව. එතකොට එයා කැමතිවෙනව ආර්ය මහා සංඝරත්නය ඇසුරුකරන්න. එතකොට එයා අර්ය මහා සංඝර ත්නය ඇසුරුකරන්නෙ, ගුණ දැනගෙන පැහැදීමෙන්.
එතකොට එයාට බුදුරජාණන් වහන්සේ් කෙරෙහි පැහැදීමක් තියෙනව. ධර්ම රත්නය කෙරෙහි පැහැදීමක් තියෙනව, සංඝ රත්නය කෙරෙහි පැහැදීමක් තියෙනව. එයාගෙ සිත තෙරුවන් කෙරෙහි පිහිටා සිටිනව. අන්න ඒ විදිහට තෙරුවන් කෙරෙහි පිහිටා සිටින කෙනාට, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ පරම සත්‍යය අවබෝධකරන්ට දුර්ලභ ලාභය ලැබෙනව.
හිතේ නැවුම් බවක් ඇතිවෙනව, හිතේ අපහසුකම් තිබ්බොත් දුරුවෙලා සුවපහසුවක් ඒ නිසා අපි කවුරුත්, මේ ලැබුණ මනුෂ්‍ය ජීවිතය වාසනාවෙන් පුරුවගන්න නම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි පැහැදීම ඇතිකරගන්න ඕනැ.
අන්න එසේ පැහැදීම ඇතිකරගත්තොත්, අපිට අපේ ජීවිතය ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ ඒ පරම සත්‍යය අවබෝධ කරන්න පුළුවන්කම තියෙනව.

සැපවත් ජීවිතයක් සහිතව වාසය කරමු
***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නෙ තෙරුවන් කෙරෙහි ප්‍රසාදයක් ඇතිකරගත්තු කෙනාට සැපවත් ජීවිතයක් ඇතිකරගන්න පුලුවන් කියල.
නමුත් තෙරුවන් කෙරෙහි ප්‍රසාදයක් ඇතිකර ගන්න පුලුවන්කම ලැබෙන්නෙ නෑ සිතේ අපිරිසිදු භාවය තිබෙනතාක්. තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන විධිහෙ ප්‍රසාධයක් ඇතිකරගන්න හැකිවන්නෙ සිතේ පිරිසිදුභාවය ඇතිකර ගත්තොත්.
ඒ විධියට සිතේ පිරිසිදු භාවය ඇතිකර ගත්තු කෙනා මහත් වූ සැපතකට උරුමකම් කියන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඒ සිතේ පිරිසිදු බව උපදවා ගන්නයි මහන්සි විය යුත්තෙ.
සිතේ පිරිසිදු භාවය උපදවා ගත්තොත් කාටත් අවස්ථාවක් තියෙනවා තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇතිකර ගන්න. තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇතිකර ගත්ත කෙනා සිතින් දුක් විඳින්නෙ නෑ. එයා සිතින් අප්‍රමාණ සැප විඳින්න පුලුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වාගේම එයාට පුලුවන් කයෙනුත් සැප විඳින්න පුලුවන් කෙනෙක් බවට පත් වෙන්න.
මේ විධියට මේ ජීවිතය සැපසේ ගතකරන්න පුලුවන් කෙනාට ඊළඟ ජීවිතය සැප සහිත තැනක උපදින්න එයාට පුලුවන්කම තියෙනවා. ඒ විධියට එයා සැපවත් ජීවිතයක් ඇතිකරගත්තොත් එයාට දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කරල පරිපූර්ණ වූ සැපත අත්කරගන්න පුලුවන්කම තියෙනවා.
එතකොට අපිට ඒ විධියට නැවත දුකට පත්වෙන්නෙ නැති විධියට සැප කරාම යෑම පිණිස උවමනා කරන මූලිකම දේ කුමක්ද තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇතිකර ගැනීම. තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් ඇතිකර ගත්තොත් අපි ආයෙත් දුකට වැටෙන්නෙ නෑ. පරිපූර්ණ සැප දක්වාම අපේ ජීවිතේ දියුණු කරගන්න අපිට පුලුවන්කමක් තිබෙනවා.
එතකොට තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාධය උපදවා ගැනීම ලෙහෙසි දෙයක් නෙවෙයි. ඉතාම අමාරු දෙයක්. එය මේ ලෝකයේ තියෙන අමාරුම කටයුත්ත.
මොකද්ද ඒකට තියෙන අමාරුව බාධාව සිතේ තිබෙන අපිරිසිදු ස්වභාවය. සිතේ අපිරිසිදු ස්වභාවය තියෙනතාක් තෙරුවන් කෙරෙහි හොඳ පැහැදීමක් උපදවා ගන්න එයාට ලැබෙන්නෙ නෑ. එතකොට සිතේ අපිරිසිදු ස්වභාවය බැහැර කර ගත්තොත් දුරු කර ගත්තොත් සිත පිරිසිදු දෙයක් බවට පත්කර ගත්තොත් එයාට තෙරුවන් කෙරෙහි අචලප්‍රසාධය ඇතිකරගන්න පුලුවන්. නොසෙල්වෙන ප්‍රසාධය ඇත්කර ගන්න පුලුවන්.
ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ කියාදීපු විධියට මේ දහම මේ විධියට ඉගෙන ගන්න ඕන. මේ විධියටම පිළි ගන්න ඕන.
පිළිනොගත්තොත් අපි හිතේ කිළිටි තියෙද්දීම අපි හිතනවා මට පැහැදීම තියෙනවා කියල. මං ප්‍රසාදයෙන් ඉන්නෙ කියල හිතෙනවා. එතකොට අපි ඒ සැබෑ ප්‍රසාදය උපදවාගෙනද නෑ.
සමහරවිට අපට ධර්මය මතක තියෙන්න පුළුවන්. බුදුගුණ මතක තියෙන්න පුලුවන්. දහම් ගුණ, සඟ ගුණ මතක තියෙන්න පුලුවන්. තව කෙනෙකුට කියල දෙන්නත් පුලුවන්කම තියෙන්න පුලුවන්. කෙනෙක් එක්ක කතා කළොත් අපට ධර්මය කතාකරන්න පුලුවන්කම තිබෙන්නත් පුලුවන්. නමුත් අපට එපමණකින්ම තෙරුවන් කෙරෙහි අචලප්‍රසාදය ඇතිකර ගත්තා කියල කියන කාරණය සිද්ධ වෙන්නෙ නෑ.
තෙරුවන් කෙරෙහි අචලප්‍රසාදය උපදවා ගැනීම පිණිස තිබිය යුතු මූලික සුදුසුකම කුමක්ද? සිත පිරිසිදු කර ගැනීම. සිත පිරිසිදු කර ගැනීමෙන් තමයි ඒ නොසෙල්වෙන ප්‍රසාදය තෙරුවන් කෙරෙහි උපදවා ගන්න පුලුවන් වෙන්නෙ.
මේක අපි හොඳින්ම තේරුම්ගත යුතුයි. එහෙම නැත්නම් අපි ධර්මය ඉගෙන ගත්තහම ධර්මය කතා කරනකොට අපේ හිත අපිම මුලා කරල දානවා. ඇයි ඒ වෙන්නෙ. මේ හිතේ තියෙන අපිරිසිදු ගති ස්වභාවයක් තමයි අපිව මුලා කරල දාන එක. එතකොට කවදාවත් අපිට සැබෑ සැපක් කරා යන්න බැරිවෙනවා.
අපි මුලා වෙනවා. එනිසා හොඳට අපි තේරුම් ගන්න ඕනෑ සිතේ කිලිටි ස්වභාවය ගැන අපිට හොඳ වැටහීමක් තියෙන්න ඕන. සිත කිලුටු වෙන්නේ මොනවායින්ද කියල හොඳ වැටහීමක් අපිට තියෙන්න ඕන.
ඊළඟට ඒ සිත කිළිටි වෙන දේවල් තමන්ගේ ළඟ තියෙනවා කියල අපිට වැටහීමක් තියෙන්න ඕන.
ඊළඟට ඒ සිත කිළිටි කරන අකුසලයන් තමා හොඳින් තේරුම් අරගෙන ඒ අකුසලයන්ගේ ස්වභාවය හොඳින් තේරුම් ගන්න ඕන. ඒ අකුසලයන් අවබෝධ කරගෙන ඒවා බැහැර කරගන්න ඕන.
ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මා තුල ඒ අකුසලයන් කලින් තිබුණා. මා ඒ අකුසලයන් අවබෝධ කර ගත්තා. මා ඒ අකුසලයන් බැහැර කරන්න කටයුතු කලා. දැන් මගේ හිතේ ඒ අකුසලයන් බැහැර වෙලා කියල වැටහීමට අපි එන්න ඕන.
මෙන්න මේ ධර්මයන් අපි ඉගෙන ගෙන ඒ ධර්මයට අනුව අපි කටයුතු කළොත් ඒ ධර්මය පුරුදු කර ගත්තොත් කාටත් වාසනාව ඉපදෙනවා මේ සිත කිලිටි කරන අකුසලයන් බැහැර කරල නිරුද්ධ කරගෙන ඉතාම පිරිසිදු සිතක් උපදවාගෙන සැපවත් වූ ජීවිතයක් උපදවාගන්න අපිට පුලුවන්කම ලැබෙනවා.

Subscribe to:
Posts (Atom)