සම්බුද්ධ චරිතය

 සුද්ධෝදන රජතුමාගේ සහ මහාමායා දේවියගේ විවාහ මංගල්ය උත්සවය

සියලු සතුනට මහා කරුණාවෙන් සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීම පිණිස මිනිස් ලොවට වඩින ලෙස බෝධිසත්වයන් වහන්සේට තුසිත දෙව් ලොවදී දෙවියන් විසින්  ආරධනා කිරීම

මහාමායා දේවිය සුදු ඇත් පැටවෙක් සුදු නෙලුම් මලක් ගෙන ඇද වටේ තෙවරක් පැදකුනු කොට සිය කුසට ඇතුලු වනු සිහිනෙන් දැකීම

ලුම්බිනි සල් උයනේදී පින්වත් සිදුහත් කුමරු උපත ලැබීමේ මංගල්ය

පින්වත් කුමරුන්ට නම් තැබීමේ මංගල්ය. කුමරුන්ගේ දේහ ලක්ෂණ බලා මේ කුමරා අනිවාර්යෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත්වන බවට කොන්ඩඤ්ඤ බමුණා විසින් අනාවැකි පවසන ලද්දේ මෙ අවස්ථාවේදීය.

සුද්ධෝදන රජතුමාගේ ගුරුවර අසිත තව්සා විසින් පින්වත් කුමරා දැක්ම පිණිස පැමිණීම.

සිද්ධාර්ථ කුමාරයණන් වහන්සේ පිය රජු සුද්දෝධන රජු සමග වප් මගුල් උත්සවයට සහභාන්ගි වී සිටියදී පළක් බැඳ ආනාපාන සති භාවනාවේ යෙදීම.

සිද්ධාර්ථ කුමරුන් විසින් තම අසහාය හැකියාවන් පිළිබද රාජකීයන්ගි කුකුස් දුරු කරනු වස් ශිල්ප දැක්වීම.

සිද්ධාර්ථ කුමරුන්ගේ සහ යශෝදරා කුමරියගේ පින්වත් විවාහ මන්ගලෝත්ස්වය.

සිද්ධාර්ථ කුමරුන් විසින් මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් වූ ජීවිතයේ දුක විදහා පාන පෙරනිමිති සහ දුකෙන් නිදහස පතා මහණ දම් පුරන පැවිදි රුවක් ලෙස සතර පෙරනිමිති දැකීම.

ඇසළ පුන් පොහෝ දින නින්දෙන් අවදිවූ සිදුහත් කුමරුන් විසින් සන්දයාවේ දෙව්ලියන් විළස ‍රැගුම් පා රාත්‍රියේ පිළිකුල් ලෙස තැන් තැන් වල වැටී නිදන නළගනන් දැක කළකිරීමට පත්වීම.

අභිනිෂ්ක්‍රමණයට පෙර සිදුහත් කුමරුන් විසින් යශෝදරා කුමරිය සහ කුඩා රාහුලකුමරුන් දෙස බැලීම.

කන්ථක අසු පිට නැගී චන්න සෙනෙවි සමඟ ගිහි ගෙය අත්හැර මහණ දම් පිරීම සඳහා පිටත් වීම.

සිදුහත් කුමරුන් නේරංජනා නදී තෙරදී හිස කෙස් වැටිය කපා හැර මහණ වීමේ අසිරිමත් මොහොත.

සය වසක දුෂ්කර ක්‍රියා කිරීමේ නිස්සාරත්වය අවබෝධවී එය අත්හැරිය මොහොතේ සිදුහත් කුමරා බුදු වීමේ උත්සාහය අතහරින ලදැයි කළකිරීමට පත්ව පස්වග තවුසන් විසින් හැරයාම.

සම්මා සම්බුද්ධත්වය ලැබීමට පෙර සුජාතා සි‍ටු දුව විසින් පූජා කරන ලද කිරි පිඬු පිළිගත් මොහොත.

මා සම්බුද්ධත්වය ලබා ගන්නා බව සත්යක් නම් මෙම කිරි පිඬු වැළදු පාත්‍රය උඩුගං බලා යේවා යෙයි ප්‍රාර්ථනාවෙන් පාත්‍රය සෝදා ගං දියෙහි මුදා හල විට එය උඩු ගං බලා පාවූ මොහොත.

මාර සේනා පැරදවීම.

තුන් ලෝකයටම අධිපති වු දෙව් මිනිසුන් ඇතුලු සියලුම සතුනට අග්‍ර වු සම්මා සම්බුද්ධත්වයට පත්වු අසිරිමත් මොහොත.

බුද්ධත්වයෙන් පසු ගතකළ පළමු සතිය ශ්‍රී මහා බෝධිය මුල සමවත් සුවයෙන් කල් ගෙවීම.

පස්වන සතියේදී අජපල් නුග රුක මුල තන්හා, රතී, රඟා මාර දූවරුන් තිදෙන පැරදවීම.

සයවන සතියේදී මුචලින්ද නාග රජු විසින් භාග්යවතුන් වහන්සේට සෙවණ සැලසවීම.

තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද ශ්‍රී සද්ධර්මය සියලු දෙව් මිනිසුන්ගේ හිත සුව තකා ලොවට දේශනා කරන ලෙස සහම්පති බ්‍රහ්ම රාජයා විසින් බුදුන් වහන්සේට ආරධනා කිරීම.

බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් වෙත ධම්ම චක්කප්පවත්තන සුත්‍රය දේශනා කළ අසිරිමත් මොහොත.

සම්බුද්ධත්වයෙන් නමවන නවම් පොහොය දින රජගහ නුවර වේලුවනයේදී සැරියුත් මුගලන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ධර්මය දේශනා කිරීම.

සුද්දෝධන රජතුමා ඇතුලු ශාක්යන්ට ධර්මය දේශනා කිරීම සඳහා කපිලවස්තු පුරයට වැඩම කිරීම.

ගිහි කළ තම ආදරණීය ස්වාමි පුරුෂයණන් සම්මා සම්බුද්ධත්වයට පත්වී බැහැදැකීමට පැමිණි මොහොතේ සයවසක් පුරාවට සිත්හි දරාගෙන සිටි වියෝ දුක හඬා වැළපෙමින් තුනී කරගත් යශෝදරාවන්.

"පියාණනී මට දැවැද්ද දෙනු මැනව" යනුවෙන් සුරතල් බස් තෙපළමින් තමන් වහන්සේ පසුපස පැමිණි කුඩා රාහුල කුමරුන්ට "මා සතු දැවැද්ද නම් මෙයැයි" පවසමින් උතුම් සම්බුද්ධ ශාශනයේ පැවිදි බව ලබා දීම.

තම ගිහි ජීවිතයේ පෙම්වතිය වු ජනපද කළ්යාණිය පිළිබද සිතෙන් කල් ගෙවූ නන්ද තෙරුන් වහ්න්සේ දෙව්ලොව වෙත කැඳවා දිව්ය ලළනාවන් දැකීමට සැලස්වීම. එහිදී මිනිස් ලළනාවට වඩා දෙව් ලියන්ගේ රූප ශෝභාව පිළිබඳ ලොබ බැඳගත් නන්ද තෙරුන්හට නියමාකාරයෙන් මහණදම් පිරුවහොත් එවන් රූමත් දෙව්ලියන් පන්සියයක් ලැබෙන බවට ප්‍රකාශ කළ සේ නියමාකාරයෙන් මහණදම් පුරන විට කාන්තා රූප ඇතුලු සියලු සංස්කාරයන්ගේ අනිත්ය භව වටහාගත් නන්ද තෙරුන් වහ්න්සේ සියලු කෙළෙසුන් නසා උතුම්වූ අර්හත් භාවයට පත්වූ සේක.

දරුණු කුෂ්ට රෝගයක් වැළදී සමේ සැරව ගෙඩි පැමිණ ඒවා පුපුරා අසාධය තත්වයෙන් සිටි පුතිගත තිස්ස තෙරුන් වහන්සේ සම්බුදු දැතින්ම නහවා පිරිසිදු කර ධර්මය දේශනා කිරීම. මෙහිදී පුතිගත තිස්ස තෙරුන් සදහම් ශ්‍රවණය කොට සියලු කෙලෙසුන් නසා වහන්සේ අර්හත්වයට පත්විය.

තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්ය රාජයාණන්ට ධර්මය දේශනා කිරීම. මිනිස් ලොව කාලයෙන් මාස 3ක් පිරා පැවති මෙම අසිරිමත් ධර්ම දේශනාව දෙව්ලොව කාලයෙන් මිනිත්තු නමයක් වූ බව කියවේ.

බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට රන් පඩිපෙළක් මතින් සංකප්ප පුරයට වැඩම කිරීම. මෙම සම්බුදු අසිරිය දැක සිත් පහන් වී බුද්ධ සාසනයට එක්වූ පින්වත් පිරිස අතර මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේද සිටි බව කියවේ.

චුන්ද කර්මාර පුත්‍රයා විසින් පූජා කරන ලද දානය වැලදීමෙන් පසු අප බුදු පියාණන් වහන්සේ රෝගී භාවයට පත්වීම.

අප මහා බුදු පියණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල් උයනේදී පිරිනිවන් පෑ මොහොත.




පුණ්ණයානුමෝදනාව

උපුටා ගැනීම : http://sinhaladharmastore.blogspot.com/p/illustrated-life-of-venerating-lord.html
තමීර ප්‍රියදර්ශි සේනානායක මහතාට (සිංග්‍රීසි මුදෘකාංගය නිපදවීම පිළිබදව)