Friday, January 7, 2011

ඔබේ නිවහනත් සෙනෙහස පිරුණු කැදැල්ලක්ද?

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පින්වතුනි, ධර්මයෙන් බැහැර දේ කල්පනා කරනකොට තමයි අහිතවත්කම්, අමනාපකම්, මතභේද ඔක්කෝම හටගන්නෙ. ධර්මයේ කියල තියන දේවල් ඉගෙනගෙන, ඒ ධර්මයේ තියෙන ආකාරයෙන් කල්පනා කළොත්, එකිනෙකා කෙරෙහි යම් අමනාපකම්, අහිතවත්කම් තියෙනව නම්, ඒව බැහැරවෙනව. අනුකම්පාව, කරුණාව, මෛති‍්‍රය ඉපදෙනව.


ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින්, ඒ විදිහට ඉතා ම සැපවත් ජීවිත ගතකල අය. ඉතින් අපේ ජීවිත තුළ යම් සැපක් අපිට උපදවගන්න බැරිවෙලා තිබෙනව නම්, ඒ හැම වෙලාවෙ ම ධර්මයෙන් බැහැර වූ වෙලාවක් නේද? කියල බලන්න. ධර්මයෙන් බැහැර වූ වෙලාවකදීම යි දුක් පීඩා තිබෙන්නේ.

ධර්මයට පැමිණුන වෙලාවක් තියෙනවනම් සුවපහසුයි. හිත මිතුරුකම් පළුදුවෙන්නෙ නෑ. ඒ නිසා ගිහි ගෙදර වාසය කරන ඔබ, ඔබගේ ජීවිත පීඩාවලින් තොරව, තැවුල් වලින් තොරව, කඳූළු හලාගෙන හඬන වැළපෙන ස්වභාවයෙන් තොරව, සුවපත් ජීවිත බවට පත්කරගන්ට මහන්සිවෙන්ට ඕනැ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ධර්මය ඉගෙන ගන්නෙ.


ඒ නිසා මේ ඉගෙනගන්න ධර්මයන් කෙරෙහි ඔබ තුළ විශාල පැහැදීමක්, සතුටක් ඇතිකරගන්ට ඕනැ. අනේ අපිටත් මෙබඳූ ධර්මයක් පුරුදුකරගන්ට ඇත්නම්, "මේ ධර්මය අපි උදෙසායි භාග්‍යවතුන් වහන්සේ කියල දුන්නේ" කියල අපි තේරුම්ගන්න, පිළිගන්න ඕනැ.

මේ ධර්මය අහල සතුටුවෙලා, මේ කෙරෙහි විශ්මයක් උපදවගෙන, මේ ධර්මය තුලට පැමිණුනහ ම මනුෂ්‍යායාගේ ජීවිතය කොතරම් විස්මිත විදිහට දියුණුවෙනවද කියල තේරුම්ගන්න.
මිනිසුන්ගේ ජීවිත කොතරම් බැබලෙනවද කියල තේරුම් ගන්න. මිනිසුන්ගේ ජීවිත ඉතා ම සෙනෙහස ඉපදෙන, සෙනෙහසින් වාසය කරන්ට පුළුවන් හිත් මේ ධර්මය තුළින් උපදවගන්න පුළුවන්කම තියෙනව නේද කියල කල්පනා කරන්න.

ඒ වගේ ම ධර්මය නිසා කොයිතරම් වීරියවන්ත ජීවිත මිනිස්සුන්ට උපදිනවද කියල කල්පනා කරන්න. එහෙම කල්පනා කරල තම තමාගේ ජීවිතත් ශේෂ්ඨ වූ ජීවිත බවට පත්කරගන්න කවුරුත් කැමතිවෙන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment